IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


හරින්ගේ පිල රටේ සංස්කෘතියට ආගමික නායකයන්ට පහර ගැහුවා

(*** නාලක සංජීව දහනායක)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන පිල රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හා අගමික නායකයන්ට සැමදාම පහර ගැසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවැසීය.

ඉකුත් රජයේ ඇමතිවරයකු වශයෙන් කටයුතු කිරීමේදී තමන් එවැනි ප්‍රකාශවලට එරෙහිව කටයුතු කළ බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

කාදිනල් හිමි ජාතියේ පිනට පහළවූ ආගමික නායකයෙක්. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මේ රටේ ආගමික හා ජාතික සංහිඳියාව ඇති කරන්න උන්වහන්සේ දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියාකළා. යම් හෙයකින් රටතුළ අර්බුදයක් ඇති වුණානම් එයට මුවාවී එම්.සී.සී හා සෝෆා ගිවිසුම් අත්සන් කරන්න පැවැති රජයේ සැලසුමක් තිබුණා. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට මම විරෝධය පළ කරනවා. හරීන් ප්‍රනාන්දු නියෝජනය කළ පිළ හැමදාම රටේ සභ්‍යත්වයට, සංස්කෘතියට ආගමික නායකයන්ට දිගින් දිගටම පහර දුන්නා. හිටපු ඇමතිවරයකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බෙල්ලන්විල නායක හිමියන්ට පහර ගසමින් කතාකළාම ඒ ආණ්ඩුව නියෝජනය කළ මම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියා. ඒ සමාව ගැනීම නිසා ෆොන්සේකා හා රාජිත සේනාරත්න මහත්වරුන් විසින් මා දැඩිව විවේචනය කළා.

එමෙන්ම අපේ රටේ යුද අපරාධ සිදුවූ බව දරුස්මාන් වාර්තාවෙන් කියවුණා. නමුත් ඊට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතායි. යුධ හමුදාව සිවිල් වැසියන් ඝාතනය නොකළ බව ඒ වේලාවේ කරුණා අම්මාන් ප්‍රකාශ කළා. හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් ජිනීවා නුවරදි හමුදාවට එරෙහිව එල්ලවූ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වා, මෙරට යුධ අධිකරණ පිහිටවිය යුතු බවට යෝජනා වෙද්දිත් ශ්‍රී ලංකා යුද හමුදාව යුධ අපරාධ සිදු නොකළ බවට සාක්‍ෂි ලබාදීමට තමන් සූදානම් බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා. නමුත් වර්තමානයේ ඔහු කළ ප්‍රකාශයක් නිසා රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අපි නීති අංශයටම බාරදෙමු.
එමෙන්ම සංහිඳියා කාර්යාල ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රශ්න කරනවා. පසුගිය ආණ්ඩුව සමයෙත් සංහිඳියා ආයතනයක් පිහිටුවා තිබුණා. ඒ කාර්යාලයට තිබුණ නීතිමය බලය මොකද්ද, එමගින් සිදුවූ සේවයක් නැහැ. නමුත් රටට විරුද්ධව කටයුතු කළ කණ්ඩායම්වලට එමගින් පහසුකම් සැපයුනා. නමුත් මේ රජය මේ කාර්යාලය පිහිටවුවේ රටේ ප්‍රශ්න විසදන්නයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රට තුළ මහා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරන්න ඇතැම් පාර්ශවයන් උත්සාහ ගන්නවා. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් නැගෙනහිර පළාත නිදහස් කරගන්නත්, යුද්ධය ජයග්‍රහණය කරන්නත් ඔහු එදා අපිට විශාල වශයෙන් උපකාර කළා. ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයක් සමග එකතුවෙලා ඉන්නවිට ඔහු අතින් සිදුවූ වැරදි බොහෝ තිබිය හැකියි. නමුත් ඔහුගේ පෙර අතීතය හඹාගොස් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට යුද්ධ නීතිය අනුවවත් කිසිම ඉඩක් නැහැ. යුද්ධය අවසන් කිරීමට දැක්වූ සහය හේතුවෙන් කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකුව සිටියදී වු අපරාධ දෙස බැලිය යුත්තේ ඒ ඇසිනුයි.

එමෙන්ම මෙරට පිහිටුවා තිබෙන ජනාධිපති කාර්ය සාධක බළකායන් සම්බන්ධයෙන් එන්.ජී.ඕ ආයතන නැවත කට ඇරලා තිබෙනවා. විශේෂයෙන්ම පාක්‍යසෝනි සරවනමුත්තු මහතාගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නිවේදනයක් මගින් ජනාධිපති කාර්ය සාධක බළකායන් ගැන විවේචනය කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තන්ත්‍රයට තිබෙන නිදහස ජනාධිපති කාර්යසාදක බළකාය නිසා යටපත්වන බවට ඔවුන් එම නිවේදනය මගින් කියා තිබෙනවා. මෙතෙක් කල් රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක නොවීම නිසා එය ක්‍රියාත්මක කරවීමට අපිට අලුත් මෙවලම් සකස් කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය පාලන තන්ත්‍රයයි අතර ලොකු රික්තයක් තිබෙනවා. එය විසඳිය යුතු ප්‍රශ්නයක්. මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවා තිබෙන්නේ ඒ කාර්යය සඳහායි. මෙම කාර්ය සාධක බළකායන් මගින් පාතාලය, මත්කුඩු ව්‍යාපාර වැනි සමාජ විරෝධී ක්‍රියාවන් නතර  කිරීමට යම් බලකේන්ද්‍රයක් මෙමගින් ගොඩනගා තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  මෙසේ  පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී කියපු මෝඩ කතා ඇහුවම අපි හිතුවේ මේ වනවිට ඔහු පරිනත වෙලා ඇතියි කියලයි. නමුත් ඔහු තවම හැදිල නැහැ. මහමැතිවරණ ව්‍යාපාරය තුළත් ඔහු පෙර පරිදිම මෝඩ කතා කියන්න පටන්ගෙන තිබෙනවා.
තමන් අගමැතිවුණොත් සෑම පවුලකටම මාසිකව රුපියල් විසිදහස බැගින් ලබාදෙන බව ඔහු කියනවා. අපේ රටේ ගෘහ ඒකක ලක්‍ෂ 51 යි. පවුල් ලක්‍ෂ 72ක් ඉන්නවා. ඒ නිසා මේ දීමනාව සඳහා වසරකට රුපියල් බිලියන 1,728 ක් නැත්නම් ට්‍රිලියන 1.7ක් වියදම් වෙනවා. පසුගිය වසරේ ආණ්ඩුවේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 1.1 ක්  ඒ නිසා තමන් ආර්ථික විශේෂඥයකු යැයි කියන සජිත් දැන් රටට කියන්න ඕන සෑම මසකම, සෑම පවුලකටම රුපියල් විසිදහස බැගින් ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.7 ක මුදලක් හොයාගන්නේ කෙසේද කියලා.

ඒ වගේම ආගමික නායකයන්ට අපහාස කළ මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමුගත්තට පස්සේ හරීන් ප්‍රනාන්දු මහතා ආගමික නායකයන්ට අපහාස කරන්න පටන්ගෙන තිබෙනවා. අගරදගුරුතුමා කියන්නේ කතෝලික ප්‍රජාවේ සංඛේතයයි. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමන් ප්‍රකාශ කරන්නේ කතෝලික ප්‍රජාවේ මතයයි. ඒ නිසා අගරදගුරුතුමන්ට අපහාස කරනවා කියන්නේ සමස්ත කතෝලික ප්‍රජාවටම අපහාස කිරීමක්. මේ රට ලේ විලක් වෙන එක නැවතුණේ අගරදගුරුතුමා නිසයි.

 



අදහස් (0)

හරින්ගේ පිල රටේ සංස්කෘතියට ආගමික නායකයන්ට පහර ගැහුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site