IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නෑ


(*** අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ බදු සංශෝධනය නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි තිස්දහසක ආදායම ගියේ කොතනකටදැයි වහාම හෙළිකරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (5 වැනිදා) මාධ්‍ය හමුවේ දී ඉල්ලීය.

බදු සංශෝධනයෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බව කී කබීර් හෂීම් මහතා මෙම රුපියල් කෝටි 30,000ක මුදල ගියේ කාගේ සාක්කුවට දැයි වහා හෙළි කරන ලෙසද ඉල්ලා සිටියේය.

කොළඹ -ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද පැවසීය.

ජනතා ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් පවතිනවා. ඒ ප්‍රශ්න සඳහා රජයට කිසිදු විසඳුමක් නැහැ. ආණ්ඩුව විසි වැනි සංශෝධනය පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කරනවා.

ජනාධිපතිවරණයේදී වරමක් දුන්නේ විසිවැනි සංශෝධනය සඳහා නොවෙයි. ජනතාවට ලූනු ගෙඩියක් පෙන්වා ඔවුන් ජනවරම ගත්තා. රටේ ආර්ථික ප්‍රශ්න ගැන ආණ්ඩුවට කිසිම උත්තරයක් නැහැ. 20 වැනි සංශෝධනයෙන් සියල්ල විසඳන බව ඔවුන් කියනවා. ජනතා අවශ්‍යතා ඉටු නොකර මොවුන් යන ගමන ඉතා භයානකයි.

විමල් වීරවංශ වැනි දේශපාලකයන් එදා වේදිකාවේ කිව්වේ මොනවද? සමෘද්ධිලාභීන්ට, ස්ථිර ආදායම් මාර්ගයක් නැති අයට රුපියල් 3000ක බඩු මල්ලක් දෙන බව කිව්වා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන බව කිව්වා. ජල සහ විදුලි බිල්පත් සඳහා සහන දෙන බව පැවසුවා.

රූපවාහිනී, ගෑස් ළිප්, ගෑස් කුකර් ආදිය 25%ක අඩු මිලකට දෙන බව පැවසුවා. ගෑස් කුකරයක් දෙනවා යයි කී ආණ්ඩුවට අද සහල් ටිකවත් හරියාකාරව දෙන්නට බැරි වෙලා.

ජනතාවගේ ජීවන වියදම අද ශීඝ්‍රයෙන් වැඩි වෙලා. රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල මේ වනවිට කප්පාදු කරලා. විශ්‍රාම වැටුප් වර්ධක නතර කර තිබෙනවා. රට විරුවන්ට විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ආදායම නැති වෙලා. රටේ ආයතන වැසී යමින් පවතිනවා. සේවකයන් විශාල පිරිසකට රැකියා අහිමි වෙලා.

ණය ගැනීමේ ප්‍රශ්න තිබෙනවා. මේවාට උත්තර නැති ආණ්ඩුව දැන් දේශීය ආර්ථිකය ගැන කතාකරනවා. ඔවුන්ට ඇත්ත ප්‍රශ්න සඳහා කිසිම උත්තරයක් නැහැ.

ආණ්ඩුව තම මූල්‍ය ප්‍රතිපත්තිය වරද්දා ගත්තේ කොරෝනා  ප්‍රශ්නය නිසා නොවෙයි. කොරෝනා එන්න පෙර මෙරට ආර්ථික වර්ධන වේගය 1.6 දක්වා පහත වැටුණා. ආණ්ඩුව ඔවුන්ගේ පළමු කාර්තුව ඇතුළත රුපියල් බිලියනයක ණයක් ගෙන තිබෙනවා. ඒ අනුව මසකට කෝටි 2500 බැගින් ණය ගෙන තිබෙනවා. ඒත් පොදු ජනතාවට තඹ සතයකින් වත් සහන දී නැහැ. මේ මුදල් ගියේ කොහාටද?
ජනතාවට සහන දීම සඳහා බදු ප්‍රතිපත්තියක් සකස් කරන බව පැවසුවාය. ඒ ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය ආදායම කෝටි 30,000 කින් අහිමිවුණා. අදාළ සහනය ජනතාවට ගියේ නැහැ. බඩු මිල සතයකින්වත් අඩු වුණේ නැහැ. රජයට අහිමි වූ කෝටි තිස් දහසක මුදල ගියේ කාගේ අතට ද?

මෙයින් ලැබුණු ශුද්ධ ලාභය සාක්කුවට දා ගත්තා දැයි දැන් සාධාරණ සැකයක් ඇති වෙලා. ගජ මිතුරන්ට සහන දීම සඳහා නව බදු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බව පැහැදිලියි.

‘මූඩි’ නැමැති මූල්‍ය ප්‍රතිපත්ති සංගණන ආයතනය ලංකාවේ මූල්‍ය ගැන ඉතා දරුණු ප්‍රකාශයක් කර තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ පහතම ස්ථානයට දමලා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව දරුණු ප්‍රකාශයක් කළා.

රටක විදේශ ආයෝජන ගැන ජාත්‍යන්තර විශ්වාසය නැති වූ විට එය බලපාන්නේ පොඩි මිනිහාටයි. මූල්‍ය කළමනාකරණය කඩා වැටෙන විට පාරිභෝගික භාණ්ඩ මිල වැඩි වෙනවා. රජයේ නොහැකියාව නිසා වන්දි ගෙවන්නේ ඡන්දදායකයායි.
ආණ්ඩුවට රට කරන්න බැරි නම් ඒ බව ප්‍රකාශ කරන්න. ඔවුන්ට ජනතා ප්‍රශ්න විසඳීම සඳහා උපරිම බලය තිබෙනවා. ඒ බලය පාවිච්චි කර ජනතා ප්‍රශ්නවලට වහාම විසඳුම් දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ කබීර් හෂීම් මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය: කොරෝනා වසංගතය යළිත් හිස ඔසවමින් සිටිනවා. මේ අවස්ථාවේ දී රජයට සහාය දෙනවා ද?
පිළිතුර: මා කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සංචාරය කළා. ජනතාව කියන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනතක හරවා ජනතාව නොමග යැවීම සඳහා ආණ්ඩුව කරන උප්පරවැට්ටියක් ලෙසයි. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න සඳහා ආණ්ඩුවට උත්තර නැහැ. ආණ්ඩුව කොත්තු රොටී කඩයක් වගේ බවත්, සද්දේ පමණයි, වැඩ නොමැති බවත් ජනතාව කියනවා.
කොරෝනා වසංගතය ආරම්භයේදී  අප ආණ්ඩුවට ​උපරිම සහාය දුන්නා. දැනුත් මේ කියන්නේ ඇත්ත තත්ත්වයක් නම් අප ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට උපරිම සහාය දෙන්න සූදානම්.

ප්‍රශ්නය: විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානම් බවට පුවත් පළ වෙනවා නේද?
පිළිතුර: ප්‍රශ්නය ඇත්තේ විපක්ෂය ගැන නොවෙයි. ආණ්ඩුවේ සිටින අයත් ඡන්දය දේවිද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව වටේ යන්න පටන් ගෙන තිබෙනවා. ඔවුන් මුලදී සතුරන් ලෙස දුටු අයත් දැන් සහභාගී කර ගන්න උත්සාහ කරනවා. ඔවුන්ට කිසිම ප්‍රතිපත්තියක්  නැහැ. අපේ කිසිවකුත් යන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි.
 
ප්‍රශ්නය: රිෂාඩ් බදුයුර්දීන් මහතා ආණ්ඩුව සමග එකතු වීමට සූදානම් බව කියනවා නේද?
පිළිතුර: සමගි ජන බලවේගය ස්වාධීන පක්ෂයක්. අපේ සන්ධානයට විවිධ පක්ෂ එක්වී සිටිනවා. ඒ පක්ෂ නායකයන් මොන තීන්දු ගනීවි ද දන්නේ නැහැ. අප කොන්දේසිවලට යටත් වන්නේ නැහැ. අප අපේ ස්ථාවරයේ සිටිනවා.
20ට එරෙහිව ඡන්දය දෙන්න අපේ කණ්ඩායම  සූදානමින් සිටිනවා. ඒ අපේ ප්‍රතිපත්තියයි.
මාධ්‍ය හමුව සඳහා නීතිඥ රවි ජයවර්ධන මහතා ද සහභාගි විය.
 

 



අදහස් (4)

ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නෑ

Raveendra Wednesday, 07 October 2020 03:14 AM

අවුරුදු 60 ක් 70ක් සිටම "විපක්ෂෙට ගියවිට පමණක්" හැමෝටම මතක් වෙන්නේ මහජනතාවගේ ප්‍රශ්ණ බලයේ ඉන්නකොට නම් කාටවත් මිනිසුන්ගේ ප්‍රශ්ණ මතකයෙවත් නැත.

:       1       73

Bamunuarachchi Wednesday, 07 October 2020 03:49 AM

ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොනවාද.? ඒ ප්‍රශ්න මේ මාස තුනට ඇතිවූ ඒවාද.?

:       1       45

BamunuarachchiWednesday, 07 October 2020 01:02 PM

අනේ නෑ නෑ.. ඔබලාගේ කාලේ නොතිබුණු ප්‍රශ්නද ඕවා..?

:       0       2

Senarath Thursday, 15 October 2020 03:33 AM

ඔයාලා බලයේ හිටියානම් කොවිඩ් නිසා රටට වෙනදේ හිතාගන්නවත් බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32959 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site