IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අය වැයෙන් රැකියා 30,000

(ප්‍රසන්න පත්මසිරි)

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන් ගන්නා තීන්දු තීරණවලදි අපි ඔබව ආරක්ෂා කරනවා අනීතික ලෙස ජනතාවගෙන්ද  දඩ ගන්නා නිළධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා යැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා පැවසීය,

ජනතාවගෙන් තොරතුරු ලැබෙනවා, යම් කෙනෙක් ජනතා සේවය විධිමත්ව කරන්නේ නැතිනම් එයාට එරෙහිව කටයුතු කරනවා 

අපි රජය වශයෙන් මේ රට ගොඩගන්න මුලිකයව වැඩ සටහන් තුනකට දැනට අවතීර්ණය වෙලා තියෙනවා,ග්‍රාමිය දුප්පත්කම තුරන් කිරීමට වැඩ සටහන් කරනවා,රාජ්‍ය සේවාව ඩිජිටල් කරනය කරන්නත් කටයුතු කරනවා,එ වගේම ක්ළින් ශ්‍රී ලංකා වැඩ සටහනත් කරගෙන යනවා මේ තුනම වැදගත් බව කිව යුතුයි,1818දි ඌව පළාත දැවැන්ත ලෙස විනාශයට පත්වුනා, එහි ප්‍රතිඵළ අදටත් ඌවේ ජනතාව භුත්ති විදිනවා,වෙල්ලක්ෂයක් තිබුන පළාතේ ජනතාවගෙන් සියයට 36ක් අදටත් අස්වැසුමලාභින් වෙලා කවුද මේ අයට වග කියන්නේ වසර 77ක් තුළ ඇයි අපිට බැරිවුනේ සහනාධාර මත යැපෙන ජනතාව නැතිකරන්න,අපි ග්‍රාමිය දරිද්‍රතාවය තුරන් කරන්න කටයුතු කරගෙන යනවා,ඒ යටතේ පාරවල්,වාරි කර්මාන්තය,සත්ව නිෂ්පාදනය දියුණු කළ යුතුයි,ඒ සදහා දැනුම තාක්ෂණය දිය යුතුයි,

ඌව පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා ඒ යටතේ ඔිනතරමි රැකියා අවස්ථා තියෙනවා රජයක් විධියට අපි සංචාරක කර්මාන්තය ප්‍රමුකකොට සළකනවා,

ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි 11 දින පැවති 2025 වර්ෂයේදි ඌවේ සිදු කීරීමට අපේක්ෂා කරන සංවර්ධන වැඩ සටහන් පිළිබදව ඌවේ පළාත් පාලන ආයතන වල නිළධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමේදි ඇමතිවරයා එසේ පැවසීය,

 

 



අදහස් (6)

අය වැයෙන් රැකියා 30,000

pj Thursday, 13 February 2025 12:24 PM

කයිවාරැ කෙළින්නේ නැතිව කරලා පෙන්වීම වටී.. ප්‍රකාශ කළ කිසිම අංකයක් පවත්වා ගෙනයාමට මෙතෙතක් සමත් වී නැත....

:       10       29

SaraBoy Thursday, 13 February 2025 04:01 PM

ඔයා බයිලා කියන්න එපා. ඉතා දක්ෂ, අවංක පරිපාලන නිලධාරිනියක් මාරු කළා.. හොරුන්ගේ වුවමනාවට. මාලිමාවට අවශ්‍යම නිලධාරිනියක්. කිසිදා වංචාවකට අහුවෙලා නැහැ. ජනපති ලේකම් එකේ ඉන්න පරණ හොරු සෙට් එකකගේ වුවමනාවට මේක කරේ. ඔයා රාජ්‍ය පරිපාලන ඇමැති. මොකක්ද ගත්තු තීරණය? මේ අවංක නිලධාරිනිය වෙනුවෙන්... ඇය හොරකමට කැමැති නැති නිසා මාරු කළා. ඔයාලා කිව්වා බය නැතිව රාජකාරි කරන්න කියලා... ඇය කළා. නමුත් ඇය වෙනුවෙන් ඔබ පෙනී සිටියේ නැහැ. ඇය ගැන බොරු මතවාද හදලා ඇය මාරු කළා. අඩුම තරමේ ඇය සේවය කළ පළාතේ ආණ්ඩුකාරවරයත් දන්නේ නැහැ මේක... මාලිමාව වැනි රජයකින් කිසිසේත් සිදු නොවිය යුත්තක්. මොකද ඇය ඒ තරම් ජනතා සේවයට කැප වුණු කෙනෙක්...

:       2       20

Neel Friday, 14 February 2025 12:04 PM

කවුද කියලා කියන්න. අපිත් පත්තර බලනවා. හොරු සමග හෙළුවෙන්...

:       0       11

සෙනේ Saturday, 15 February 2025 03:23 PM

තවත් හිටන් කෙනෙක්, පත්තරෙ තියන දේ පමනි. අවලාදයෙන් හදුනාගත හැකිය

:       0       3

චතුරි Monday, 17 February 2025 05:51 AM

පලමුවෙන්. මේ ඉහල ප්‍රතිචාර දක්වලා ඉන්න. මෝඩයින්ට. කුමක් හෝ රැකියාවක් දෙන්න මේවගේ. පොහොසත් බෙබිලා ඉන්නවා දැනුමක් නැහැ ඉගෙනීමකුත්. නැහැ. මොන මෝඩයටාද කෙන්න්තියන්නෙ. රැකියා දෙනවයි කියනකොට. පුලුවන්නම්. සුලුවෙන් පගා කන්න අව්සර දෙන්න ඒකට කැමති වෙයි. මේවගෙ උන්ට ඕන තමන් සහ තම්න්ගෙ පවුලගෙ. බොක්ක පිරුනොත් ඇති හොරා කාලා පන්දම් අල්ලලා. එව්වා කරලා තමයි ගොබ්බයොත් එක්ක සල්ලි හම්බ කෙරුවේ. මුන් කැමති ඒ ජිවිතේට මෙවගෙ. කට්‍යියට නැවත ඉප්දීමක් වුනොත්. තිරිසන් ආත්මයක්. ලැබෙයි. බර ඇදගන යන්න ගොන්නුන්ට වගෙ.

:       5       0

සමන්ත Wednesday, 19 February 2025 12:25 PM

මහින්දද කවුද මන්දා, කිව්වාට මම ඔය සින්දුවට අදාළ මගේම කළිසම ගැන කමෙන්ට් එක ලිව්වේ හර්ෂාට නෙමේ. ඔහේලට ගැලපෙනවා කියලා. “ පෙර දිනයක මා ..”ගීතයට සාධාරණයක් ඉටු කරන්නයි ඒ කාලේ කැම්පස් කොල්ලෝ අනු ගීතය හැදුවේ. ඒ ගීතයේ පෙම්වතිය අතින් අතට මාරුවුණාටඑයා මගේම කලිසමත් ඇඳගෙන දක්කන්නේත් මගේම පෙම්වතිය කියලා රූමා වුණාට ඌට අමතක වෙලා මටම පේන්න ගිය උජාරුව දිහා මම උපේක්ෂාවෙන් බලාගෙන හිටිය හැටි. ඉතින් හිතාගන්නකෝ, අවුරුදු හැත්තෑ හයක් කිසි දෙයක් නොකළාට, රනිල් සීයාගේම අය වැය යෝජනා පොඩ්ඩක් එහාට මෙහාට කරලා, රනිල්ටම බැන බැන, රනිල් හදාපු සංචිත, ආදායම් මාර්ග යොදාගෙන, ආදායම් උපැයීමේ කිසිම යෝජනාවක් හරි හමන් විදිහට ඉදිරිපත් නොකර, විවිධාකාරයෙන් ඒවා වියදම් කරන්න කතා කරන අයවැයක් සමාන වෙන්නේ “ මගේම කලිසම ඇඳ ගෙන උගේ වගේ යන එකට නෙමේද? ඒ ලැජ්ජාව වහගන්න මේ පුද්ගලයා වෙන දේවල් දොඩවනවා. ඒත් ඒ කලිසම ම ඇඳගෙන තොප්පිය දාගන්න එක උන්ගේම වැඩක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site