
(රංජන් කස්තුරි)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයකැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් අද බත්තරමුල්ල ඉසුරුපායහි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අගමැතිවරිය එම අදහස් පළ කළාය.
2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු පිළිබදව එහිදී වෘත්තීය සමිති සාමාජිකයෝ අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළහ.
නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බවද එහිදී අගමැතිවරිය කීවාය.
තවද වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවේ දී පසුගිය දිනවල සිදු වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු තීරණ ගත්තත් ඒවා ප්‍රායෝගික නැත්නම් රටට වැඩක් නෑ. මේකත් බොරු වැඩක්. ළමයින් නිකම් මහන්සි වෙන සහ කාලය කා දමන දෙයක්. ඇතැම් ළමයින්ට ගෙවල්වලට පවා යන එක ප්‍රශ්නයක් වෙයි. රෑ වෙයි...
ඒ කියන්නේ ඔබ වගකීම ගන්නේ නෑ කියන එක නේද? ඔබ අධ්‍යාපන ඇමැතිවරිය නේද?
සාමූහික තීරණගන්න ඔබලා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ, අධ්‍යාපනය ගැන කිඹුල් කඳුලු හලන්නේ මෙතෙන් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හෙවත් විශ්වවිධ්යාල සිසුන්ගේ අධ්‍යාපනය කාබාසිනියා කරන්න මූලිකවූ පිරිසක්. සහ හය හතර නොදන්න කුඩාදරුවන් පවා තම අමනෝඥ පටු අරමුණු උදෙසා පාරට ගෙනල්ලා ඔවුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් කරපු පිරිසක්. තමුන්ලාට කුමක් හෝ හේතුවකට බලයක් ලැබිලා තිබෙනවා ඒතුල සිට දුන් පොරොන්දුටික රටට ජනතාවට දෙන්න. දැන් මේවනවිට පාසැල් අවසන්වනවිට සජ්ජායනයවූ චත්ථමානවක ගාථා සජ්ජායනය කෙරෙන්නේ නැහැ. ඒවා නැත්තුවේ එහි අර්ථය දැනගෙනද..? ඔයිටවඩා ගෑනියෙක් මිනිහෙක් කරන්න බැරි සහ මිනිහෙක් කරන්න බැරි ආණ්ඩු, 69 ලක්ෂයේ ආණ්ඩු පැවතුනා නමුට් පිටිපස්සා දොරින් බැහැලා යන්නවූයේ, අරලියගහ මන්දිරයේසිට හෙලිකොප්ටරයෙන් යන්නවූයේ. මේ රට සිංහල බෞද්ධ රටක්. ඒබව දැනගෙන කරුණාකර සීමාවේ සිට වැඩ කරන්න.
දැන් මේකට ලොකු මල්ලියි. පොඩි මල්ලි. දොස් කියනවා. දෘවන්ට වදදෙනවා කියලා. මොකද දෙන්නම අද්යාපනයට. බොරුව කරපු නිසා ලාමක ටින්ටින් සහ. මෝඩ චුන් නාමල් බේබි
ඉතා හොඳ තීරණයක්,,,, එය දිගටම කරගෙන යන්න,, නව අධ්‍යාපන වෙනසකට අපි එකඟ වුණා. ස්තූතියි.
මේක අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. චීනය, කොරියාව වගේ රටවල් වල හවස් වෙනකන්ම පාසල් තියනවා. දැන් ඉන්න සමහර ගුරු හොරු මේවට කැමැති නැහැ. එතකොට එයාලගේ කඩෙන් සල්ලි හම්බ කරන්න බෑනේ. මේකත් දොස්තර මාෆියාව වගේ වේගෙන එන්නේ.
ඔව් ඔව් නැත්නම් බැනුම් අහන්න වෙනවානෙ...
වැඩිපුර පැය භාගය ගෙදර වැඩ කරවන්න කියලා ඇමති කෙනෙක් කීවා... මතකයි.