
(රංජන් කස්තුරි)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයකැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් අද බත්තරමුල්ල ඉසුරුපායහි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අගමැතිවරිය එම අදහස් පළ කළාය.
2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු පිළිබදව එහිදී වෘත්තීය සමිති සාමාජිකයෝ අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළහ.
නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බවද එහිදී අගමැතිවරිය කීවාය.
තවද වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවේ දී පසුගිය දිනවල සිදු වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පාසල් විනාඩි 30ක් දිගු කිරීම සාමූහික තීරණයක්‘‘
පන්සිළු Monday, 22 December 2025 07:59 PM
කවුරු තීරණ ගත්තත් ඒවා ප්‍රායෝගික නැත්නම් රටට වැඩක් නෑ. මේකත් බොරු වැඩක්. ළමයින් නිකම් මහන්සි වෙන සහ කාලය කා දමන දෙයක්. ඇතැම් ළමයින්ට ගෙවල්වලට පවා යන එක ප්‍රශ්නයක් වෙයි. රෑ වෙයි...
sunimal Monday, 22 December 2025 08:00 PM
ඒ කියන්නේ ඔබ වගකීම ගන්නේ නෑ කියන එක නේද? ඔබ අධ්‍යාපන ඇමැතිවරිය නේද?
Rata Perata Tuesday, 23 December 2025 01:03 PM
මේක අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. චීනය, කොරියාව වගේ රටවල් වල හවස් වෙනකන්ම පාසල් තියනවා. දැන් ඉන්න සමහර ගුරු හොරු මේවට කැමැති නැහැ. එතකොට එයාලගේ කඩෙන් සල්ලි හම්බ කරන්න බෑනේ. මේකත් දොස්තර මාෆියාව වගේ වේගෙන එන්නේ.