(යොහාන් භාසුර)
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක් සහ සභානායකවරයෙක් වන සුනිල් ජයමිණි මහතා අද (7) අභාවප්‍රාප්ත විය.
සුනිල් ජයමිණි මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස පුරා වසර 26 කටයුතු කළ අතර 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණය ජයගනිමින් ජයමිණි මහතා මුල් වරට බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.
ඒ මහතා 1999, 2004, 2009 සහ 2014 යන පළාත් සභා මැතිවරණවලින් ද ජය ලබා බස්නාහිර පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ අතර පස්වැනි පළාත් සභාවේ සභානායක ධූරය දැරූ ජයමිණි මහතා 2002 වසරේ පළමු වරට අමාත්‍ය ධූරයකට ද පත් විය.
ජයමිණි මහතා පළාත් සභාවට පත්වීමට පෙර කැස්බෑව ප්‍රාදේශීය සභාවේ කටයුතු කළේය.
නිකවැරටිය පුදේශයේදී අභාවප්‍රාප්ත වූ සුනිල් ජයමිණි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ
ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්
කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප‍්‍රප්ත විය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.
හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
බස්නාහිර හිටපු අමාත්‍ය - සභානායක සුනිල් ජයමිණි අභාවප්‍රාප්ත වෙයි