IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි

දේශීය නර්තන සම්ප්‍රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.

සැඩ සුළං, දරුවා කාගෙද, සුජාතා ඇතුළු සිංහල සිනමාවේ මුල් කාලීන චිත්‍රපට රැසක නර්තන ශිල්පිනියක් වූ ඇය නැටුම් අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කර තිබේ.

නැ‌ටුම් ඉගනීමට කැමති අය සදහා නර්තන පාසලක්ද ඇය ඇරඹුවාය.

මියයන විට 81 වැනි වියේ පසුවූ දහනායක මහත්මිය අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායක මොරිස් දහනායක‌ මහතාගේ නැගණියක්ද වේ.

ඇයගේ දේහය හෙට (17) උදෑසන 9.00 සිට අනිද්දා (18) සවස 5.00 දක්වා බොරැල්ල ඒ.එන් රේමන්ඩ් මල් ශෘලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (18) සවස 5.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කරන බව ඇයගේ දියණිය වන ප්‍රවීන නර්තනාචාරිණී රංගනා ආරියදාස මහත්මිය පැවසුවාය.

(සමන්ත යහම්පත් සහහ ආරියරත්න රණබාහු)



අදහස් - (1)

පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි

පූජ්‍ය තාමරකුලියේ සීවලි හිමි Tuesday, 16 May 2023 10:24 PM

නර්තනය සිය ආත්මය කර ගත් දැයේ දරුවන්ට එතුමිය ඉතිරි කර තැබූ කලා සම්ප්‍රදාය සැබවින්ම අගය කරමි.උතුම් නිවන් සුවය ලැබේවා

:       0       4

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site