IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ දෙනගම යසන්ත ආරියසේන)

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි,

ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි.

ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය.

දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

 



අදහස් - (4)

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි

Upali Sunday, 16 November 2025 08:52 AM

මට මතක හැටියට නම් එතුමා රත්නපුර දිසාපති හැටියටත් හිටියා...

:       0       2

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Sunday, 16 November 2025 08:55 AM

කවුරු වුණත් බුදු දහමට අනුව නම් තමන් ජීවත්ව ඉන්දැද්දී කරපු දේවල් අනුව තමයි මතු භවය තීරණය කරන්නේ. කෙසේ වෙතත් මම එතුමාට මම අදහන ආගම දහම අනුව අජරාමර නිවන් සුව අත්වේවා...

:       1       2

ගුණරත්න Sunday, 16 November 2025 05:22 PM

අපි පොඩිකාලේ පත්තරවල මෙයාගේ චිත්රකතා රසවින්දා. ඒ පිනෙන්ම ඔබතුමාට අජරාමර නිවන් සැප ලැබේවා.

:       3       0

ලයන් Sunday, 16 November 2025 05:47 PM

එතුමාට නිවන් සුව..., මිය යන්නේ රජයේ රෝහලේ... ඒ කාලේ පුද්ගලික රෝහලක නැත්නම් රට රෝහලක, බිල ගෙවන්නේ ජනපති අරමුදලෙන්...

:       1       2

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1809 4

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 4922 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 353 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 2105 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7248 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3616 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site