(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ අතර් වෙදමුල්ල මහතා මිය ගියේය.
මිය යනවිට 92 හැවිරිදි වියේ පසු වූ වෙදමුල්ල මහතා දෙදරු පියෙකි.
වර්ෂ 1931 අප්‍රේල් මස 01 වැනි දින දෙවුන්දරදී උපත ලද වෙදමුල්ල මහතා දෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.
දෙවුන්දර ද්විභාෂා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය සමත් වූ හෙතෙම ගුරුවරයකු ලෙස දිවයිනේ පාසල් ගණනාවකම සේවය කළේය.
ගුරුවෘත්තියේ නියැලෙන අතරතුර විද්‍යෝදය විශ්ව විද්‍යලයෙන් රාජ්‍ය පරිපාලන උපාධිය සම්පූර්ණ කළ වෙදමුල්ල මහතා 1965 වසරේදී විභාග දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුයේය.
දේහය කිරුලපන අමරසේකර මවතේ අංක 27/ඒ/1 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරිමට නියමිය.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී