IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ

උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ නීතිඥ ඩී.පී.බී. මහදිවුල්වැව ( අශෝක මහදිවුල්වැව) මහතා  අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 97 වැනි වියේ පසු වූ අතර ටික කාලයක් රෝගාතුරව සිටියේය. හෙතෙම සිවු දරු පියෙකි.

ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපති ලෙස සිටියදී ක්‍රියාත්මක කළ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ ඔහු අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති ලෙස ද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඉන්පසු 1988 දී මුල්වරට පිහිටුවන ලද (එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වු) උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම , නිවාස ඉදිකිරීම් , යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් විය. ඒ ජී.ඩී.මහින්දසෝම මහතා උතුරුමැද මහ ඇමැති ලෙස සිටි (1988-1993) කාලසීමාවේ ය. අවස්ථා කිහිපයක දී වැඩබලන මහඇමැති ලෙස ද ඔහු කටයුතු කර ඇත.

ලංකා විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් උසස් අධ්‍යාපනයට වරම් ලබා ඇති මහදිවුල්වැව මහතා 1952 වසරේ දී නීතිඥ වෘත්තීයට පිවිස ඇත. 1994 වසරේ දී පිහිටුවන ලද උතුරුමැද නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධානී ලෙස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ විභාග කළ විවිධ නඩු සඳහාම නොමිලේ පෙනී සිටිමින් ඔවුනට ඉමහත් සේවාවක් කළේය. එම සේවා කාලය වසර 25 කට වැඩිය. එමෙන්ම වෙනත් සමාජසේවා කටයුතු රැසක දී අනුරාධපුරයේ සාමාන්‍ය ජනතාවට බොහෝ උපකාර කළ සුධාරකයකු ද වූයේය.

අවමංගල්‍ය කටයුතු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේ දි මෙම අද 28 වැනිදා- පස්වරු 3.00 සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

 



අදහස් - (0)

හිටපු මහ ඇමැති මහදිවුල්වැව අභාවප්‍රාප්ත වේ

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1160 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1590 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2501 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1999 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1974 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5424 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site