IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


හිටපු මහා ඇමැති නජීබ් අබ්දුල් මජීඩ් අභාවප්‍රාප්තවේ

(අමදෝරැ අමරජීව )

නැගෙනහිර පලාත් සභාවේ හිටපු මහා ඇමැතිවරයෙකු වන නජීබ් අබ්දුල් මජීඩ් මහතා අද (22) උදැසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු,නියෝජ්‍ය ඇමැතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 66 වන වියේ පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුතූර් ආසන සංවිධායක වු ඒ මහතා1993 පලාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විය. ඒ මහතා 2000 වසරේ පැවැති මහා  මැතිවරණයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජයගෙන  පොදු පෙරමුණු රජයේ තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැතිවරයා විය.

2004 මහා මැතිවරණයෙන් ජයගෙන පලාත් පාලන හා පලාත් සභා නියෝජ්‍ය ඇමැති වු ඒ මහතා 2007 දි සිදුවු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි සමුපාකාර සංවර්ධන  (කැබිනට් නොවන) ඇමැති විය.2012 වසරේ පැවැති නැගෙනහිර පලාත් සභා මැතිවරණය ජයගෙන නැගෙනහිර මහා ඇමැති වු මජීඩ් මහතා පසුව 2015 හා 2020 මහා මැතිවරණය වලින් පරාජයට පත්විය.



අදහස් - (0)

හිටපු මහා ඇමැති නජීබ් අබ්දුල් මජීඩ් අභාවප්‍රාප්තවේ

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 739 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 4541 3

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 9265 2

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1504 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5854 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5268 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site