මඩබාවිට පුරාණ විහාරය, යායගල පුරාණ විහාරය,වේවැල්දෙණිය  ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී , සාහිත්‍යාචාර්ය, සාමවිනිසුරු, අස්ගිරි මහා විහාර  පාර්ශවයේ මහෝපාධ්‍ය ගම්පහ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ   සද්ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද චන්දසාර ඉන්ද්‍රගුප්තාභිධාන නායක ස්වාමීන්වහන්සේ අපවත්  වුහ.

කලක්  රෝගාතුර වී සිටි උන්වහන්සේ වයස අවුරුදු 86 ක් ආයු වළඳා අපවත් වූහ.

දේහය වේවැල්දෙණිය  ශ්‍රී බෝධිමළු විජයනන්දාරාම  විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර අනිද්දා (25) වැනිදා පස්වරු 2.00 ට පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව අදාහන පූජෝත්සවය පස්වරු 5.00 ට   වේවැල්දෙණිය  මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී සිදු කිරීමට නියමිතය.