IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


20 වන සියවසේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා

සැදැහැති සිංහල මහා දානපතියන් නිසා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට සිදු වූ සේවාව අප්‍රමාණය. 20 වන සියවසේ පහළ වූ මහා ප්‍රාඥයා ලෙසත්, මහා දානපතියා ලෙසත්, නම් දරා තිබුණේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාය. 1896 ඔක්තෝබර් 26 දින බලපිටියේ ප්‍රභූ බෞද්ධ පවුලක ජන්ම ලාභය ලැබූ එතුමා - මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ රාජකීය යන පාසල් වලින් ශිල්ප හදාරා - කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥයෙකු ලෙස දිවුරුම් දී, කළුතර දිසා අධිකරණයේ සේවය කළ අතර, 1951 දී කළුතර බෝධි භාරකාර මණ්ඩලය 
ආරම්භ කළේය. 
කළුතර ස්තූපය ඉදිකොට - අලංකාර පුදබිමක් නිර්මාණය කොට, එම ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන, දහම් පාසල්, ආරණ්‍ය සේනාසන සංවර්ධනය කිරීමට පුරෝගාමී වී ක්‍රියා කළේය. කිරි වෙහෙර ස්තූපය ප්‍රතිසංස්කරණය කොට කතරගම විශ්‍රාම ශාලා ඇති කොට මහා මාර්ගවල යටිතල පහසුකම් වැඩි දියුණු කළේය. එම සමාජ මෙහෙයට ගරු කිරීමක් ලෙස බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධුරයත්, මහාබෝධි සංගමයේ සභාපති ධුරයත් නිතරගයෙන්ම එතුමාට ප්‍රදානය කළහ. 


කළුතර නගර සභාවේ සභාපති ධුරයට පත් වූ එතුමා “ස්වර්ණපාලි” බස් සමාගම ආරම්භ කර පසුව එය “සවුත් වෙස්ටර්න් බස්රථ  සමාගම” ලෙස වැඩිදියුණු කොට ජනතා සේවයක් ආරම්භ කළේය. 1956 දී එවකට රජය බස් ජනසතු  කළ අතර, එයට සතුටින් මුහුණ දුන් එතුමා තමන් සතු බස්රථ සියල්ලේම ඉන්ධන ටැංකි පුරවා රජයට භාර දීමට තරම් ගුණාත්මක විය. එයින් නොනැවතුණු එතුමා බළපිටියේ පේෂකර්මාන්ත ව්‍යාපෘතිය අරඹා, එම ප්‍රදේශයේ සිය ගණනකට රැකියා අවස්ථා උදාකර දුන්නේය. බලපිටියේ තුවා, සරම්, ඇතිරිලි එකල ජනප්‍රිය වූ රෙදිපිළි බවට පත්විය. එපමණක් නොව ලංකාවේ ටයර් කර්මාන්තය ආරම්භ කිරීමේ පුරෝගාමියා ද වූයේය. “ශ්‍රීමත්” යන නයිට් පදවියෙන්ද පුදනු ලැබූ එතුමා, දේශපාලනයේ පක්ෂ විපක්ෂ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අතර, තමා කළ සේවයට වී.ටී. ද සොයිසා නම් තම සහෝදරයාගෙන් ලැබුණු නොමද සහයෝගය ද නිතර අගය කළේය. 


ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා කොළඹ හුණුපිටියේ ගංගාරාම මහා විහාරයත් සමග සම්බන්ධතා ගොඩනගාගෙන කටයුතු කරන සමයේ ගංගාරාමාධිපතිව වැඩ විසූ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක වූ අතිගරු ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ වයස සොළොස් විය ඉක්මවූවා පමණි. උන්වහන්සේ වසර 75 කට වඩා කාලයක් සිදුකළ ජාතික, ආගමික, ශාස්ත්‍රීය, සමාජ මෙහෙවර උදෙසා මූලික වශයෙන් දායක වූයේ  ශ්‍රීමත් සිරිල් ද සොයිසා පරපුරේ සාමාජිකයන්ය. නිතර ගංගාරාම පන්සලට පැමිණෙන එතුමා - පොඩි හාමුදුරුවන් වහන්සේවත් අවදි කරවාගෙන, උන්වහන්සේට නිතර ශක්තියක් වෙමින්, සමාජ මෙහෙවරට උනන්දු කරවූ අයුරු උන්වහන්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කරනු මම ද අසා ඇත. පොඩි හාමුදුරුවන් වහන්සේ සිදුකළ වටිනාම සේවයක් වූයේ ප්‍රාචීන විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලාට ප්‍රාචීන ශිෂ්‍යත්ව විභාග අරමුදලක් ආරම්භ කිරීමයි. එම ශිෂ්‍යත්ව සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙන් ලද ශක්තිය උන්වහන්සේ නිතර සිහිපත් කළේ, එතුමාට සහ පවුලේ සැමට පුණ්‍යානුමෝදනා පූර්වකවය. 1951 දී ආරම්භ කළ බෝධිභාරකාර මණ්ඩලය මේ වන විට සිදුකොට ඇති සමාජ මෙහෙවර වචනවලට නැගිය නොහැකිය. 
කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ නොයෙක් ගම් දනව්වල සමිති සමාගම් වෙනුවෙන්, අසරණයන්ට නිවාස ඉදිකිරීම් වෙනුවෙන්, සුවිශාල මෙහෙයක්  සිදුකොට ඇත. සුනාමි ව්‍යසනයෙන් අසරණ වූ  නිවාස අහිමිවූවන් පිරිසකට නිවාස 51 ක් පිරිනැමීම විශේෂ පරිත්‍යාගයක් සේ අගය කළ යුත්තකි. ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවාසි දායක සභාවේ ශාසනික කටයුතු වෙනුවෙන් මූලස්ථානයක් ඉදිකොට - “ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය” නමින් එය නම් කොට රුපියල් කෝටි 6 කට නොඅඩු වියදමක් දරමින් දේශමාන්‍ය අජිත් ද සොයිසා මැතිතුමා තම ලොකු තාත්තාගේ කාර්යභාරය මෙන්ම ගෞරවය ආරක්ෂා කළ බව සැවොම දන්නා කරුණකි. කළුතර නාගොඩ රෝහලට භික්ෂු වාට්ටුවක් තනාදීමෙන් ශාසනයට මහෝපකාරී වී ඇත. සිය දායකත්වය ලබාදුන් මෙහෙණි ආරාම, දහම් පාසල් සංවර්ධන කටයුතු, ශීල භාවනා වැඩසටහන්, ධර්ම ශාලා, වටදා ගෙවල්, බෝධි ප්‍රකාර, භික්ෂු ප්‍රතිපෝෂණ වැඩසටහන්, වාර්ෂික පෙරහරවල්, ශිෂ්‍යත්ව අරමුදල් ලබාදීම් ආදී කිසිවෙකුත් නොකළ සමාජ අභිවෘද්ධියට හේතු වන උපකාරක වැඩසටහන්වල ප්‍රමාණය වචනවලට ගිනිය නොහැකිය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ අභාවයෙන් පසු එම ජාතික, ආගමික සමාජ මෙහෙවර ඉදිරියටත් පවත්වා ගැනීමට ශක්ති සම්පන්න ඉදිරි පරපුරක් සමාජයට දායාද කර තිබීම අප ලද භාග්‍යයක් සේ සැලකිය යුතුය. එම පරපුරේ දේශමාන්‍ය අජිත් ද සොයිසා මැතිතුමන්ට හා දේශබන්දු තිලක් ද සොයිසා මැතිතුමන්ලාටත් හිමිවන්නේ සමාජ ගෞරවයකි. අශාන් ද සොයිසා පුතුණුවන්ටත් කුඩා කල සිටම තම ආදි මුතුන් මිත්තන්ගේ අඩි පාරේ ගමන් කිරීමට මග පෙන්වා දී තිබීම අගය කළ යුතුම කරුණකි. 
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා තුළ තිබූ ආගමික, දේශපාලන, වාණිජ ව්‍යාපාර කළමනාකරණය මානව දයාවෙන් පිරුණු එකකි. එතුමා ලද ජයග්‍රහණ වෙත ළං විය හැකි අයෙක් මෑත යුගයේදී බිහිවීම සිතිය නොහැකි තරම් විරල කරුණකි. මෙතරම් පුළුල් ලෙස විවිධ සමාජ ස්ථරයන් වෙත මනස යොමුකොට අනාගතය මැනවින් දුටු පුද්ගලයකු එකල නොසිටියේය. එතුමා සම්බන්ධ වූ “ඇසෝසියේටඩ් මෝටර් වේස් ලිමිටඩ් පුද්ගලික සමාගම” වැනි ව්‍යාපාර නිසා සිය දහස් ගණනකට  රැකියා අවස්ථා උදාවී තිබේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති වශයෙන් - අඳ, ගොළු, බිහිරි පිරිස් සඳහා වූ ජාතික මණ්ඩලයේ සභාපති වශයෙන්, ක්ෂය රෝගය වැළැක්වීම සඳහා වූ ශ්‍රී ලංකා ජාතික සංගමයේ සභාපති වශයෙන්, වැනි විවිධ තනතුරු දැරූ නමුත් - නිහතමානීව, මානව හිතවාදීව, මෙතරම් සමාජ මෙහෙවරක නිරතව කාලය ගෙවූ අයෙක් මෑත භාගයේ දී සොයා ගැනීම අපහසුය. කළුතර පිරිමි විද්‍යාලය, කළුතර බාලිකා විද්‍යාලය ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ මූලිකත්වයෙන් සහ නිර්මාතෘත්වයෙන් බිහි වූ ඒවාය. පාර්ලිමේන්තුවේ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද 1955-1961 දක්වා කටයුතු කර ඇත. ලක්දිව පමණක් නොව, බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැර වූ ලන්ඩන් බෞද්ධ විහාරය යළි නගාසිටුවීමටද එතුමා කටයුතු කළේය. මෙතුමා බෞද්ධ පුනර්ජීවනය උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි. මහා දානපතියෙකි. තමා කළ යුග මෙහෙවරයන් අතර වඩාත් සතුටු වූ සමාජ මෙහෙවර වූයේ ආගමික සේවාවයි. ඒ සඳහා මූලික වූයේ කළුතර බෝධි භාරකාර මණ්ඩලය ඇරඹීමයි. තමාගේ කාලයත් ධනයත් නිර්ලෝභීව බුදු සසුන වෙත කැප කළ එතුමා සැඳෑ සමය කාය-චිත්ත විවේකයෙන් ගත කළ බව තතු දන්නෝ පවසති. එතුමා නිතර කතා කළ අවසන් වචනවලින් පවසන්නේත්,
“දැන් මම නිදහස්. කොච්චර වස්තුව තිබුණත් වැඩක් නැහැ, ඒ ඔක්කොම නිකම් පුහු දේවල්. මම උපන්නෙ කිසිම ධනයක් නැතිව. මැරෙන්නෙත් කිසිම ධනයක් නැතිව. මගේ සතුට මගේ සැනසිල්ල මගේ ශක්තිය බුද්ධ ධර්මයයි. මා ජීවත් වනතුරු දෙවියන්ගේ රැකවරණය මට ලැබේවි.” 
ජීවිතාවසානය දක්වාම සිය  ජීවිතය දැහැමිව, ආගමානුකූලව ගත කළ සිරිල් ද සොයිසා මැතිතුමා -  මිනිස් ජීවිතයේ අර්ථවත් බව කෙසේ විය යුතු ද යන්න ලෝකයාටම පෙන්වා දුන්, පරමාදර්ශී දිවිපෙවෙතක් ගෙවූ උදාර යුග පුරුෂයෙකු බැව් අවිවාදිතය.
“ගලක් - ගලක් පාසා මැණික් හමු නොවේ. ඇතෙක් - ඇතෙක් පාසා ගජමුතු හමු නොවේ. වනයක් - වනයක් පාසා සඳුන් හමු නොවේ. එමෙන් මිනිසෙක් - මිනිසෙක් පාසා මෙබඳු ගුණ - සුවඳ ඇති පරිත්‍යාගශීලී මානව දයාවෙන් පිරුණු මිනිසුන් හමු නොවේ. ඔබ කළ මහාර්ඝ සේවයට ජාතිය ණයගැති බව බැතිබරව 128 වෙනි අනුස්මරණ සංවත්සරයේදී සිහිගන්වමු.” 

 



අදහස් (0)

20 වන සියවසේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

Aids තාමත් බයද ?
2024 දෙසැම්බර් මස 02 16 0

අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාව


අදානි බළකොටුවට ඇමරිකානු ප්‍රහාරයක් මොදිටත් රිදෙයිද?
2024 නොවැම්බර් මස 27 65 0

ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු‍ ගසනු ලැබූ නමක්.


ඖෂධීය ඇදුමක් අදිමුද?
2024 නොවැම්බර් මස 27 41 0

විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි


සාම්ප්‍රදායික පොරොව නීතියට පටහැනිද?
2024 නොවැම්බර් මස 27 33 0

“මේ ඇත්තෝ දැන් නඩුවකට මංගච්චනවා. මේ ඇත්තෝ දැන් මානව හිමිකම් එකට පැමිණිල්ලකුත් මන්දො කරල තිබෙනවා” යැයි දඹානේ ආදිවාසී නායක - වනස්පති, ඌරුවරිගේ වන්නියලැ


තේ දල්ලෙන් හදන්නේ තේ විතරක් නෙවෙයි
2024 නොවැම්බර් මස 19 82 0

මෙතෙක් කලක් අප උත්තේජක පානයක් ලෙස පාරිභෝජනයට ගත් නැවුම් තේ දල්ලෙන් රසකැවිලි වර්ග හා අයිස්ක්‍රීම් සාදනවා යයි කීවොත්, බොහෝවිට බොහෝ අය පුදුම​ෙවනු නොඅනු


ඌරුමස් කෑවොත් සූකර උණ හැදෙයිද ?
2024 නොවැම්බර් මස 04 157 0

අලි මදිවට කොටි යන පිරුළ ලංකාවට තරම් ගැළපෙන වෙන මුතු ඇටයක් මුළු ඉන්දියන් සාගරයේම තවත් නැත. ඒ මොකෙන් නැතත්, ලංකාව සැම විටම කරදරවලින්, රෝගවලින් මුල්තැන ගන


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 78 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 676 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site