IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ

දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.
එහෙත් පසුගිය අවුරැදු කිහිපය පුරාවට උතුරැ මැද පළාතේ පාසල්වල පැවති දැඩි ගුරැ හිගය, අවම සම්පත් හා දේශපාලඥයන් විසින් ගනු ලැබු විවිධ තීන්දු තීරණ හේතුවෙන් - මේ වනවිට උතුරැ මැද පළාතේ අධ්‍යාපන මට්ටම නව වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී තිබේ.
උතුරු මැද පළාත් පාසල් 810 ක සිසු දරැවන් 3,10,000ක් පමණ අධ්‍යාපනය ලබති. එම පාසල් සඳහා ගුරැවරැන් 18,500 ක පමණ පිරිසක් අවශ්‍යව ඇතත් - මේවන විට සේවයේ නිරතව සිටින්නේ ගුරැවරැන්  16,000 ක පමණ පිරිසක් පමණි. ඒ අනුව ගුරුවරුන් 2573 ක පමණ  හිඟයක් මේ 
වනවිට පවතී.
 එසේම අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් එකසිය අනූඅට දෙනෙකු පමණ සිටිය යුතු වුවත්, මේ වනවිට සේවයේ නිරතව සිටින්නේ 52 දෙදෙනෙකු පමණි. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 146 දෙනෙකු ගේ පුරප්පාඩු හේතුවෙන් කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල, හා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ඇතැම් පාසල්වල පරිපාලනයත් ඉතාම දරැණු ආකාරයට බිඳ වැටි තිබේ. මේ හේතුවෙන් ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් පැවැත්වෙන විභාග වංචා, දුෂණ හා අක්‍රමිකතා සිදුවීමේ විභවතාවය වැඩිවී තිබේ.  


පළාතේ සමහර පාසල් ආරම්භ කොට වසර 75 - 100ක් පමණ ගතව ඇතත්, ඉංග්‍රීසි ගුරැවරයෙකු නොමැති පාසල් අදටත් දක්නට ලැබෙයි. උසස් පෙළ විද්‍යාව,ගණිතය විෂයයන් සඳහා විද්‍යාගාර පහසුකම් ඇත්තේ පාසල් එකකට හෝ 
දෙකකට පමණි.
මෙවන් තත්ත්වයක් පවතින උතුරැ මැද පළාතේ අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ - මෙවර 2024 / 2025 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්, පාසල් 55 ක “රාත්‍රී කාලයේ” දී නොමිලේ පංති පැවැත්වීමේ විශේෂ වැඩසටහනක්, උතුරැ මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාසයන් ගේ අදහසක් මත  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කොට  තිබේ.  
මෙම “රෑ ඉස්කෝල” අදියර කිහිපයක් 
යටතේ පැවැත්වේ.
පළමු අදියර යටතේ, සතියේ දිනවල පාසල් පැවැත්වෙන වේලාවන් පසු - සවස 2.30 සිට සවස 6.00 දක්වා පංති පැවැත් වේ. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල වන අලි ගැටලු‍ව ඇති බැවින්, එම ප්‍රදේශයන්හි  පාසල් වල සවස 6.00 වන විට  වැඩසටහන අවසන් කෙරේ. 
දෙවන අදියර යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ද “රෑ ඉස්කෝලේ”‍ පැවැත්වීම සිදුකෙරේ .
තෙවැනි අදියර වශයෙන් පසුදා රජයේ නිවාඩු දිනයන් ඇත්නම් එදිනට පෙර දින හා සිකුරාදා දිනවල සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා රෑ ඉස්කෝලේ පැවැත්වීමට යෝජිතය. 
මෙම වැඩසටහන සඳහා පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරු, මෙන්ම ගුරුවරු ද ඉගැන්වීම් කටයුතුවලට මෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා ද සහභාගී වෙති. දරුවන්ට රැය පහන් වනතුරු ආහාර , කෙටි  ආහාර සහ තේ පැන් සම්පාදනය කිරීමට දෙමව්පියන් කණ්ඩායම් වශයෙන් පාසලේ රඳවා තැබීමට ද සැලසුම් 
කර ඇත.
ඊළඟ අදියර ක්‍රියාත්මක වන්නේ නැටුම් , සංගීතය , ජනසන්නිවේදන හා තොරතුරු තාක්ෂණය වැනි කාණ්ඩ විෂයන් සඳහා වේ. අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ ඇති අධ්‍යාපන කොට්ඨාශ හයෙන් එක් අධ්‍යාපන කොට්ඨාශයට ස්ථාන දෙක බැගින් ස්ථාන දොළහක් තෝරාගෙන- කලාපයේ සියලු‍ම දරුවන් මෙම මධ්‍යස්ථාන 12 වෙත කැඳවා සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදේ 8.00 සිට සවස 4.00 දක්වා න්‍යාත්මක හා ප්‍රායෝගික අධ්‍යාපනය ලබාදීම මෙහිදී සිදුවේ. 
මේ සඳහා සහභාගී වන සම්පත්දායක ගුරුභවතුන් මෙයට සම්බන්ධ වන්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙනි. ඔවුන්ට කිසිදු ගෙවීමක් නැත. ඉගැන්වීම් කරන ස්ථානයට ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමක් ද නැත. එම ගුරුභවතුන් ඔවුන්ගේ පුද්ගලික වියදමින් එම ස්ථානය කරා පැමිණෙයි. ඔවුන්ට මේ සඳහා අතිකාල, සංයුක්ත දිමනා, නිවාඩු දින දීමනා හෝ  විශේෂ දීමනා කිසිවක් නැත . 
අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් 136ක් තිබෙන අතර,  ඉන්  පාසල් 82 ක  අ.පො.ස  සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වේ. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මෙම කලාපය තුළ දරුවන් 4, 500 ක් පමණ ඉදිරිපත් වෙයි. මෙම දරුවන් සඳහා පාසල් 55ක “රෑ ඉස්කෝලේ” ක්‍රියාත්මකය. “රෑ ​ඉස්කෝලේ”  වැඩසටහන පළිබඳ අදහස් දක්වමින් උතුරැ මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස යන් මෙසේ පැවසීය.
“උතුරු මැද පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා අනුරාධපුර කලාපයේ පාසල් 55ක අපි මේ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනවා. දෙමව්පියන්ගේත් ආශිර්වාදය ඇතිව ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ .
මාර්තු 17 ආරම්භ වන අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව පෙනී සිටීමේ හැකියාව ඇති දරුවන් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණක්. ඉදිරියේ මුළු පළාත තුළම අප මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 
බලාපොරොත්තු වෙනවා”. 
“අපි  මෙය ආරම්භ කරන අවස්ථාවේ ගුරුවරුන් කිහිපදෙනයි ඉදිරිපත් වුණේ. කියන්න සතුටුයි . දැන් ගුරුවරු විශාල ප්‍රමාණයක්  ඉදිරිපත්වෙලා තියෙනවා. ඔවුන් ගේ විශාල උනන්දුවක් ඇතිවෙලා .අපි හිතනවා පළාත තුළම ක්‍රියාත්මත කිරිමේ දී  ගුරුවරු විශාල ප්‍රමානයක් අපිත් සමග අත්වැල් බැඳගනියි කියලා . උතුරු මැද පළාත තුළ තිබෙන අධ්‍යාපනයේ පසුබෑම මෙමගින් යම් තරමකින් හෝ ඉහළට ගැනීමට අපිට හැකිවෙයි කියලා අපි  විශ්වාස කරනවා. ඉතාම උනන්දුවෙන් ගුරුවරු මෙම වැඩසටහනට සහභාගිවීම අගය කල යුතු කරුණක්. දෙමාපියන් රාත්‍රී ආහාර , කෙටි ආහාර, හා තේ ආදිය සපයමින් මේ සඳහා සක්‍රිය සහගෝගයක් දක්වනවා. අවධානම් ප්‍රදේශවල අපි දරුවන් සවස 6.00 වන විට නිවෙස්වලට යවනවා. දරුවන්ගෙත්  විශාල උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. රැ  ඉස්කොලේ  ඉතාම සාර්ථක ව්‍යාපෘතියක්  වෙලා.”
අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජලිකා හෙට්ටිආරච්චි පවසන්නේ මෙවැන්නකි.  
“බොහෝ නිවෙස් වල දරුවන්ට නිදහසේ පාඩම් වැඩ කටයුතු කර ගැනීමට සුදුසු පරිසරයක් නෑ .සාමාජීය ගැටලු‍. ඒ ගැටළු නැති හොඳ පරිසරයක් නිවස තුළ තියෙන ළමයි තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරලා ඉහළට යනවා. අනෙක් ළමයි ඒ ගොන්නෙන් හැලෙනවා”. 
“අපි මේ වැඩසටහන මගින් උගන්වන එකට වඩා පාඩම් කරවීමටයි වැඩි අවස්ථාවක් ලබා දෙන්නේ. ගැටලු‍ ඇතිවන තැන් දරුවෝ අතර සාකච්ඡා කරලා නිරකරණය කරගන්නවා .බැරි ඒවා ගුරුවරුන් ගෙන් අහලා නිරකරණය කරගන්නවා. විභාග කල්ගියාම ළමයින් ගේ අධ්‍යාපන මට්ටම පහළ වැටෙන්න පුළුවන්. ඒක වැළක්වීමත් මෙහි අරමුණක්. පාසලේ උගන්නපු කරනු මෙහි දී මතක් කර ගන්නවා. දරුවෝ  ඉතාම සතුටින් මේකට සහභාගි වෙනවා. දෙමව්පියනුත් ඉතාම සක්‍රියව මීට සහභාගී වෙනවා.”  
“වෙනත් පාසල් වල ළමයි  දැන්ම ම අපෙන් ඉල්ලිම් කරනවා,   ඔවුන් වෙනුවෙනුත් මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා. අපි ඔවුන් ගේ විභාගය ආසන්න වුනාම ඔවුන් වෙනුවෙනුත් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.”
“පසුගිය වාර විභාග සමයේ දී  හෙට තිබෙන විෂය අද සාකච්ඡා කරන අප සැලසුම් කළ වැඩසටහන ද  අතිශය සාර්ථක වුණා. දරුවෝ ඉතාම හොඳින් වාර විභාගයට මුහුණ දීලා තිබුණා. දරුවන් විභාගවලින් සමත් කිරීම, හොඳ පුරවැසියන් රටට බිහි කිරීම, පාසලටම බාර දීලා ඉන්න එක නොකළ යුත්තක්. ඒක සමාජයේ ම  වගකීමක්.” 
අනුරාධපුර මහා බුලංකොලම විද්‍යාලයේ විදුහල්පති ටොරින්ටන්  කුමාරසිරි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
“මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පාසලට උචිත අයුරින්  ක්‍රියාත්මක කිරීමට  විදුහල්පතිවරුන්ට නිදහස දී තිබෙනවා . දරුවන් ගේ හා දෙමව්පියන් ගේ පූර්ණ දායකත්වය මේ සඳහා හිමි වෙනවා.මෙතැනදී නව විෂය කරුණු ක්‍රියාදීම අපේක්ෂා නොකරතත්, ඉගෙන ගත් දේ ආවර්ජනය කිරීම, ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම හුරු කිරීම වැනි විභාගය අරමුණු කරගත් ක්‍රියා ක්‍රියාකාරකම් මෙම වැඩසටහන තුළ  ක්‍රියාත්මක වෙනවා”
“විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සාධන මට්ටම ඉහළ දුවා දරුවන් හරහා - උදව් කළ යුතු ශිෂ්‍ය කණ්ඩායම් වලට ඉතාම ආදරෙන් හා ලෙන්ගතුව  දැනුම බෙදා ගන්නා වැඩසටහනක් මේ තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියන කාරණය.”
මහ බුලංකොලම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් වන ශාෂිනි සේහාස්නා බණ්ඩාර ශිෂ්‍යාව තම පාසලේ පවතින රෑ ස්කොලේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
“අපේ මතකයට නොනැගුණු දේවල් නැවත මතක් කරගන්න මේක නිසා අපිට පුළුවන් වුනා. ඒ  වගේම යළුවන් සමග පාඩම් කරන විට, ඒවා හොඳින් මතක තියාගන්න පුළුවන්. නොදන්නා දේවල් අසා දැන ගන්නත් අවස්ථාව තියෙනවා.”  

 

      අනුරාධපුර-
දයාරත්න ඇඹෝගම

 



අදහස් (0)

සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 22 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 60 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1273 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 327 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site