IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන

කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත්වයක් සහිත කලාපයකි. ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් එය තුළට ඇද ගැනීමට  මෙම අධික ගුරුත්ව තීව්‍රතාවක් ඇති අධි-ස්කන්ධයක් ලෙස සැලකෙන කළු කුහරවලට හැකියාවක් ඇත.
එපමණක් නොව, මෙයට ඇතුළු වෙන මොනම දෙයක් හෝ ගැන කිසිම තොරතුරක් පිටතට ලබාගත නොහැකි බව නූතන විද්‍යාත්මක මතයයි. මෙය ගුරුත්වය පිළිබඳ ඇති නූතන විද්‍යාත්මකවාදයක් ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුළින් පුරෝකථනය කරන ලදුව, කොන්ටම්  ක්‍රියාවලියක් ලෙස පසුකාලීනව හඳුනාගත් හෝව්කින් විකිරණය නිරීක්ෂණය කිරීමෙන් මෙම කළු කුහර සත්‍ය වශයෙන්ම පවතින බව තහවුරු කොට ඇත.
 ඒ සටහන් කළේ කළුකුහර පිළිබඳව ඇති නූතන විද්‍යාත්මක පසුබිම පිළිබඳ ඉතාම කෙටි හැඳින්වීමකි.


මෙවැනි කළු කුහරයක් මේ විශ්වයේ පවතිනවා ද යන්න දැනගැනීම පිණිස කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසුවෙමි.
ඒ උන්වහන්සේට මේ විශ්වයේ ඇති ඕනෑම දෙයක් දැකගැනීමේ හැකියාවක් තිබෙන බව මා විශ්වාස කරන නිසාය. 
“හාමුදුරුවනේ..... කළු කුහරය කියා දෙයක් ගැන මේ කාලයේ විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. සැජිටේරියස් -a (saggitarius -a) නමැති කළු කුහරයක් වටා අපගේ පෘතුවිය ඇතුළු සමස්ත සෞරග්‍රහ මණ්ඩලයම ගමන් කරන බව ඔවුන් කියනවා.” යැයි කළු කුහරය ගැන උන්වහන්සේගෙන් විමසීමි.   
“ඒක මම හරියටම බලන්න ඕනෑ. හෙට ඔය දරුවාට එන්නට හැකිනම්, ඔය ගැන විමසපු නිසා මම බලා කියන්නම්” යයි උන්වහන්සේ පැවසූහ. 
පසු දිනයේ මම උන්වහන්සේගෙන් කළු කුහර ගැන විමසුවෙමි. මේ උන්වහන්සේ කළ කතාවයි. 
“ මේ කළු කුහරය තුළ අති විශාල ආලෝක සුළි වැනි විදුලි ආලෝක ධාරාවක් නිල් පැහැයට හුරු දීප්තිමත් සුදු පාටකින් කරකැවෙමින් තිබෙනවා. කාන්දම් ශක්තිය, ගින්දර, විද්යුත් ශක්තිය ආදී ශක්තීන් ගණනාවක් එකට එකතු වී සෑදුණු අකුණු වලටත් වඩා ප්‍රබල විදුලි රේඛාවන් වැනි ශක්තීන් සහිත අති විශාල විදුලි පටි වැනි ශක්ති කඳම්බයන් ගණනාවක් මේ තුළ ඇඹරෙමින්, ගැටෙමින් ක්‍රියාත්මක වෙනවා. ඒ අසලට ගියවිට ඉතාම භයානක ආකාරයේ ශබ්දයක් ඇසෙනවා. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ඒ ශබ්දය දරාගත නොහැකි මට්ටමේ එකක්. මෙයට හසුවෙන ඕනෑම දෙයක් හපයක් බවට පත්කොට විනාශ කිරීම මෙයට ඇතුළු වූ විට සිදු වෙනවා.”
“අපගේ සූර්යග්‍රහ මණ්ඩලයත් මෙහි ඇද ගැනීමට හසුවී ඉතාම ටිකෙන් ටික දශමයෙන් පංගුවක් වැනි සියුම් ප්‍රමාණයෙන් මේ වෙත ගමන් කරමින් තිබෙනවා. නමුත් මෙය තුළට ඇතුළු වෙන අවස්ථාවේ දී ඉතිරි වෙන එකම ග්‍රහ වස්තුව අපගේ සූර්යයා පමණයි. අනෙක් ග්‍රහලෝක සියල්ල ඊට පෙර වෙනත් ග්‍රාහක සහ අතිවිශාල ආකාශ වස්තූන්ගේ හැපී විනාශ වී යනවා.”
“සූර්යයා ද මේ විශාල ආකාශ වස්තූන් සමග ගැටෙනවා. නමුත් ඒ ගැටුමෙන් විනාශ වෙන්නේ නැති නිසා දිගටම කළු කුහරය දෙසට සූර්යයා ගමන් කරනවා. අවසානයේ දී අපගේ සූර්යයා  කළු කුහරයේ ගැටෙන ආකාරයක් තමයි මට පෙනෙන්නේ. ” යැයි අප හිමියෝ පැවසූහ.  
උන්වහන්සේ පැවසූ කරුණු නූතන විද්‍යාව සමග කෙසේ සම වේද යන්න වෙනම නිරාකරණය කර ගත යුතු කරුණකි. මේ සටහන් කරන්නේ උන්වහන්සේ පැවසූ කරුණුයි. 
“මම කියපු ගමන් මාර්ගයේ ස්වභාවය සර්පිලාකාර එකක්. (01 රූපය බලන්න.) කළු කුහරය සමග ගැටෙන සූර්යයාව එම කුහරයේ ශක්ති ධාරාවන් විසින් ඇතුළට ඇදගනු ලබන අතර නපුරු කොටි රංචුවකට හසු වූ ගෝනෙකු එයින් මිදීමට පොර බදන්නාක් මෙන් මෙහිදී සූර්යයාව පෙනේ. සූර්යයා ඒ තුළදී එහි ඇති ශක්තින් ගෙන් විනාශ නොවී සිටීමට උත්සාහ කරන බවක් ද පෙනෙනවා.”


“මේ තුළ ඇඹරෙමින් තැළෙමින් කිලෝ මීටර් දෙකක් තුනක් පමණ දිග ඇති මෙම කළු කුහරය ඔස්සේ දිගටම සූර්යයා ගමන් කරන අතර ඉන් පිටතට පැමිණෙන සූර්යයාගේ අවශේෂ කොටස කළු කුහරය හා සමානවම දිගින් වැඩි වී තිබෙනු දැක ගත හැකිය. ඒ වනවිට  සූර්යයා යනු සම්පූර්ණයෙන්ම ආලෝකය නිවී ගිය ඉතාම දිග ස්කන්ධ කොටසක් ලෙස පමණක් දැක ගත හැකිය. (අංක 02 )”
“ සූර්යයාව විනාශ කරන්නට සොබා දහමෙන් ඉබේම සකස් වූ ක්‍රියාවලියක් ලෙස කළු කුහරය හඳුන්වන්න පුළුවන් කියලයි මගේ අදහස. මෙහි විශේෂත්වය මෙම කළු කුහරය ද යම් කාලයක දී අතුරුදහන්ව යන එකයි” යැයි ප්‍රඥාදීප හිමියෝ පවසති. 
“සූර්යයා විනාශ වී ගිය පසුව අපගේ මනුෂ්‍ය ලෝකය පැවති ප්‍රදේශයේම එයට ආසන්නව අලු‍ත් සූර්යයෙක් ඇතිවෙන බවත් ඒ අනුව නැවතත් මහ පොළවක් ද (ග්‍රහලෝකයක්) නිර්මාණය වෙනවා.”
ස්වාමීන් වහන්ස මේ කළු කුහරය පෙනෙන ආකාරය ඔබට තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද ? 
“කළු කුහරය ඈතට ඉබ්බෙකුගේ කටුවක් ආකාරයට දිස්වෙන්නේ සැතපුම් භාගයක් වගේ දිගයි කියලයි මට පෙනුණේ. ” (තුන්වැනි රූපය) යැයි උන්වහන්සේ පැවසූය.  
උන්වහන්සේගේ පැහැදිලි කිරීම අප දන්නා සීමාවේ නොමැති කරුණුවලින් බහුල, තවත් ප්‍රශ්න ගණනාවකට දොරටුව විවෘත කළා වූ පැහැදිලි කිරීමකි.
එහෙත් මේ සටහන කියවන ඔබට ඇතිවන ප්‍රශ්නයක් මම දනිමි. මම එය උන්වහන්සේගෙන් ඇසුවෙමි.
“ ඔබ වහන්සේ කොහොමද ඇත්තටම ඒක දැක්කේ? ඒකට කිසිම කෙනෙකුට හෝ කිසිම දේකට යන්න බෑ කියලනේ කියන්නේ? ඔබ වහන්සේ කොහොම ද ඔතනට වැඩියේ ?”
“මම ශරීරය මෙතන තියලා මනෝකායෙන් ගියා. මම කළුකුහරයට ඇතුළුවෙලා අනිත් පැත්තේන් එළියට ආවා” යැයි උන්වහන්සේ කීහ.
“මනෝකාය ඒක ඇතුළෙ දී විනාශ වෙන්නේ නැද්ද? හාමුදුරුවනේ, ඔබ වහන්සේට ඇත්තටම බය හිතුණේ නැද්ද? ඒක ඇතුළට යන්න.” මා එසේ විමසුවේ කළුකුහර තුළට යන මොනම දෙයක් හෝ නැවත ආපසු නොපැමිණෙන බවට විද්‍යාඥයන් කියා තිබෙන කරුණ මා දැඩිව විශ්වාස කළ හෙයිනි. 
“මේ විශ්වයේ පවතින විනාශ කරන්නට බැරි ශක්තියක් තමා මේ විඥානය කියන්නේ” යැයි උන්වහන්සේ විඥානය පිළිබඳව සුවිශේෂ පැහැදිලි කිරීමක් ද කළහ. එය ඉදිරි ලිපියක දී ඔබට ගෙන ඒමට සූදානමින් සිටිමි. 
“කළු කුහර සොයාගැනීමට මා යම්කිසි කාලයක් විශ්වයේ සැරි සැරුවා. මේ කළු කුහරය ඉතා අනන්ත දුරකින් දැකගන්නට ලැබුණේ. මේ ගමනේ දී විශ්වයේ සතර දීශාවටත්, උඩට සහ පහතටත් (සිරසට) මම ගමන් කළා. එහිදී අතිවිශාල දුරකින් පිහිටා තිබෙන පිටසක්වළ මනුෂ්‍ය ලෝකයක් මම දුටුවා. ” 
“මේ ලෝකය ද අප වැනිම මනුෂ්‍යයන් ජීවත් වෙන ලෝකයක්. එහි විශේෂත්වය වෙන්නේ නම් මේ ලෝකයේ මේ මොහොතේ ද බුදුවරයකු ධර්මය දේශනා කරමින් සිටීමයි. මේ ලෝකයේ නම ’විභජ්ජව’ ලෙස තමයි මම හඳුනා ගත්තේ.” යැයි උන්වහන්සේ පැවසූහ. 
 මෙම කළු කුහරවල තොරතුරු කිසිවක් පිටතට ලබාගත නොහැකි බවට නූතන විද්‍යාව තුළින් ඇතිකරගෙන තිබෙන සම්මතය බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් විශ්වය අවබෝධ කිරීමේ විද්‍යාව සමග සංසන්දනය කිරීමේ දී පරස්පර බව පෙනේ. මේසා වූ අති විශ්මිත හැකියාවක් මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ද යන කාරණාව ගැන පවා නූතනයේ සිටිනා ඇතැමුන් විමතියට පත්වෙනු ඇත.
නමුත් බෞද්ධයන්ට මෙවැනි හැකියාවක් තිබෙන අය පහළවීම ගැන විමතියට පත් වෙන්නට තරම් කරුණු කාරණා නැත. තවදුරටත් විද්‍යාවේදීන්ගේ කුතුහලය හා ගවේෂණය යොමු වී ඇති විශ්වයේ රහස් ගැන බොහෝ කරුණු ලියන්නට අපේ හාමුදුරුවන් තුළින්  විමසීමෙන් අපට හැකිය.
මීළඟ ලිපියෙන් අපි අපේ ලෝකයේ මනුෂ්‍යයන් සඳට ගියාද? සඳ ගමන සත්‍යයක් ද යන්න යන්න ගැන විමසා සිටිමි. ඒ ලිපිය තුළ චන්ද්‍රයා ගැන හෙවත් අපේ ලෝකයේ හඳ ගැන එදා මෙදා තුර ලෝක සම්මත විද්‍යාවන්ට හසු නොවුණු විස්මිත තොරතුරු රැසක් හෙළි කෙරෙනවා ඇත.
ධර්ම කරුණු විමසීම සහ භාවනා මාර්ගයේ ගමන් කරමින් සත්‍යාවබෝධය සොයා පින්වතුන් හට ධර්ම මාර්ගය නිසි පරිදි විවර කර දීම වෙනුවෙන්ම උන්වහන්සේ ජීවිතයේ ඉදිරි කාලය කැප කරන්නට කරන්දෙණියේ ප්‍රඥාදීප හාමුදුරුවන් වහන්සේ තීරණය කොට ඇත.. ඒ සසර ගමන සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණින් උන්වහන්සේ ද භාවනා කටයුතු සිදුකරගෙන යන අතරතුර දී බවත් ලිවිය යුතු වෙයි. වසර 16කට අධික කාලයක් තුළ උන්වහන්සේ භාවනා මාර්ගයේ ගමන් කර ඇති නිසා උන්වහන්සේගේ අවබෝධය විශාල පරාසයක් දක්වා විහිදෙයි. ඒ පරිචය තුළින් ලෝක සත්ත්වයාට දුකෙන් මිදෙන මග තමන්ට හැකි පරිදි පෙන්වාදීමට අපේ හාමුදුරුවන් ගන්නා මෙම උතුම් උත්සාහය සඵල වේවා යනු අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.
ධර්ම කරුණු විමසීම හා කමටහන් ලබා ගැනීම පිණිසත් තමාගේ භාවනා ගමන් මග නිවැරදි ද යන්න නිසි පරිදි දැන ගැනීම පිණිසත්  පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වීමෙන් ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට ඔබට හැකිය.
තිළිණ තෙෂාන්
(077-159 8721 සවස 5.00 ත් 9.00 ත් අතර කාලයේ ඇමතීමට කාරුණික වෙන්න.)



අදහස් (0)

මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 15 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 8 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 12 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 59 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1239 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 312 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site