

රිය අනතුරකින් මොළය මියගිය 24 හැවිරිදි උදේෂිකා සඳමාලි අවයව දන් දී දෙදෙනකුට ජීවත් වීමට වරම් දෙමින් අවසන් ගමන් යයි.
උදේශිකා සඳමාලි සිය හිතවතකු සමග යතුරුපැදියක නැග 24 රාත්‍රී බෝඩිමේ නිවසින් පිටවී ගියේ කොළඹ යන බස් රථයෙන් පියා එවූ එම පාර්සලය ලබා ගැනීමේ අරමුණෙනි. යතුරුපැදිය මොනරාගල මාගන්දනමුල්ල මාර්ගයේ තරමක වේගයෙන් හිතවතා පදවාගෙන ගිය අතර උදේශිකා පිටුපස සිටියාය. ඒ සමගම ටික දුරක් ගිය යතුරු පැදිය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් උදේශිකා බරපතළ තුවාල ලැබූ අතර ඇය වහා මොනරාගල සිරිගල රෝහලට ඇතුළත් කළාය.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ මියගිය මොනරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි උදේශිකා සඳමාලි අවිවාහක තරුණිය ද සියලුම අවයව උතුම් පරිත්‍යාගයක් ලෙස දන්දී එම අවයව වලින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිටි අහිංසක රෝගීන් දෙදෙනකුට ජීවත් වීමේ වාසනාව උදාකර දිවියෙන් සමුගත් තවත් මානවප්‍රේමී තරුණියකි.
අපොස උසස් පෙළ විභාගය සමත් උදේශිකා සංගීතයට දස්කම් දක්වමින් සමස්ත ලංකා තරග වලින් පවා ජයග්‍රහණ රැසක් හිමිකරගත් අතර ප්‍රදේශයේ දුප්පත් අහිංසක ළමුන් එකතු කරගෙන ඇය ඔවුන් වෙනුවෙන් කලායතනයක් පවත්වාගෙන යමින් අහිංසක දරුවන්ට නැටුම් වැයුම් සංගීතය පුරුදු පුහුණු කළාය. විද්‍යා පීඨය සඳහා ද ඉල්ලුම් පත් යොමු කළ උදේශිකා මොනරාගල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් ප්‍රදේශයේ අහිංසක දරුවන්ට ජනතාවට උදවු උපකාර කරමින් සමාජ සත්කාර කටයුතුවල ද නිරත වෙමින් සිටියාය.
ඉකුත් නත්තල් දිනය දා, කිසියම් සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් - ඇතිමලේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී බස්රථයට රෙදිපිළි පාර්සලයක් ඇගේ පියා විසින් භාරදෙනු ලැබුවේ බෝඩින් කාමරයක නතර වී සිටි
උදේශිකාට ඇතිමලේ දී එය ලබාගැනීමට අවශ්‍ය සංදේශනයන් ද සමගිනි.
උදේශිකා සඳමාලි සිය හිතවතකු සමග යතුරුපැදියක නැග 24 රාත්‍රී බෝඩිමේ නිවසින් පිටවී ගියේ කොළඹ යන බස් රථයෙන් පියා එවූ එම පාර්සලය ලබා ගැනීමේ අරමුණෙනි. යතුරුපැදිය මොනරාගල මාගන්දනමුල්ල මාර්ගයේ තරමක වේගයෙන් හිතවතා පදවාගෙන ගිය අතර උදේශිකා පිටුපස සිටියාය. ඒ සමගම ටික දුරක් ගිය යතුරු පැදිය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් උදේශිකා බරපතළ තුවාල ලැබූ අතර ඇය වහා මොනරාගල සිරිගල රෝහලට ඇතුළත් කළාය.
මැයගේ තත්ත්වය බරපතළ හෙයින් වහා ඇය බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවීය. බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුළු අදාළ රෝහල් කාර්ය මණ්ඩලය උදේශිකා ජීවත් කරවීමට දැඩි වෙහෙසක් දරමින් සිටි අතර පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කළාය. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය උදේශිකා ගේ තත්ත්වය සියයට99ක් බරපතළ බවත්, ඇය ජීවත් කරවීමට නොහැකි බවත්, මොළයට ලේ ගැලීම නිසාවෙන් ඇයගේ මොළය මියගොස් ඇති බවත් පවුලේ උදවියට පැවසූහ. පසුව පවුලේ අය මොළය මියගිය උදේශිකාගේ අවයව දන්දීමට තීරණය කර ඒ පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ, රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.එම්.ඒ.ඩී.එස්. අකිල සහ රෝහලේ ලේකම් සුගත් කිත්සිරි යන අයවලුන්ගේ උපදෙස් මත කටයුතු අදාල ඉදිරි කටයුතු කළහ.
ඒ අනුව මොළය මියගිය උදේශිකාගේ හෘදය, අක්මාව, වකුගඩු, ඇස්, තවත් දෙදෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර, බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ ඇය දන්දුන් ඇයගේ වකුගඩු දෙකෙන් එකක් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින වකුගඩු රෝගියකුට ලබා දී ඔහුගේ ජීවිතය බේරාගැනුණු බවයි. අනෙක් වකුගඩුව මහනුවර රෝහලේ රෝගියකු සඳහා ලබා දී ඇති බවත්, මෙවැනි පරිත්‍යාග කිරීම් මියගිය ඇයට විශාල පිනක් වගේම සමාජයේ අනෙකුන් උදවියට හොඳ ආදර්ශයක් බවත් වෛද්‍යතුමා පවසා සිටියේය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උදේෂිකා ජීවමානයි