(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  සහ  මන්ත්‍රී අජිත් පී පෙරේරා මහත්වරුන් අතර ඇතිවූ කතාබහක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද පෙරවරුවේ  ඇතිවිය.

කථානායක:

මේක වාචික ප්‍රශ්නයට අදාල නැහැ

අජිත් පී පෙරේරා මහතා

අදාලයි

කථානායක:

ගරු මන්ත්‍රීතුමා අදාල නැ.මතක තියාගන්න. ස්ථාවර නියෝග කඩන්න ඔබතුමාට බැහැ. ඒක ඉල්ලා අස් කරගන්න ඕන.

අජිත් පී පෙරේරා මහතා:

ගරු කථානායකතුමා, ඔබතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වුණ නිසයි ඒ  පිළිතුර දුන්නේ. ඔබතුමාගේ හිත රිදුනා නම් සමාවෙන්න. මේ ප්‍රශ්නය ඇහුවට අපි කනගාටු වෙන්නේ නෑ. විසඳුමක් නැති නිසයි මේක අහන්න සිද්ධ වුණේ.