
(යොහාන් භාසුර)
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය වසා තැබීම නිසා නැව් ගාස්තු ඉහළ ගොස් ඇතැයි පවසමින් ඇතැම් නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් විදේශවල රැකියාවල නිරතව සිටින පුද්ගලයන් මෙරටට එවූ භාණ්ඩ පෙට්ටිවලට අමතර ගාස්තු ඉල්ලා සිටින බවත් එම මුදල් ගෙවන තෙක් එම භාණ්ඩ පෙට්ටි නිදහස් නොකරන බවත් විදේශ රැකියා කරන මෙරට පුරවැසියෝ පවසති.
අදාල නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් රැසක් පිළිබඳව කොළඹ සහ අවට පොලිස් ස්ථාන වෙත පැමිණිළි කළ බව කියන විදේශ රැකියා නියුක්තිකයෝ අදාල භාණ්ඩ පෙට්ටි එම සමාගම්වලට භාරදෙන අවස්ථාවේදී සම්පූර්ණ මුදල ගෙවන බව ද සඳහන් කරති.
ඇතැම් නැව් භාණ්ඩ තැරැව්කාර සමාගම් එම සමාගම ක්‍රියාත්මක ස්ථානයක් හෝ ප්‍රකාශ කරන බව කියන විදේශ රැකියා නියුක්තිකයෝ අමතර මුදල් ගෙවියයුතු නිසි ස්ථානයක් ප්‍රකාශ නොකර මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවන ලෙස උපදෙස් දෙන බව ද සඳහන් කරති.
අමතර මුදල් නොගෙවා සිටීමේදී භාණ්ඩ පෙට්ටි විනාශ කිරීම හෝ ඒවා තුළ තහනම් භාණ්ඩ ඇතුල්කිරීමේ අවදානයමක් ඇති බව කියන විදේශ රැකියා නියුක්තිකයන් පවසන්නේ සිය ආරක්ෂාව සඳහා පොලිසියේ ආරක්ෂාව බලාපොරොත්තු වන බවය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ රේගුවට තැරැව්කාර සමාගම් සම්බන්ධයෙන් කළහැකි දෙයක් නොමැති බවත් අදාල ස්ථානයට ගොස් සාකච්ඡා කර භාණ්ඩ නිදහස් කරගැනීමට කටයුතු කරගතයුතු බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැරැව්කාර සමාගම් ක්‍රිකට් පාලක මණ්ඩලය වගේද? කාටවත් වගකියන්නෙ නැද්ද?