(තිස්ස කොටින්කඩුව)

මුහුණු පොත මාර්ගයෙන් හදුනාගත් පිරිසක් එක්ව පවත්වන ලද ෆේස් බුක් මත්ද්‍රව්‍ය සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක ඇතුලු 13 දෙනකු  අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩිලෙස සිහි විකල් තත්ත්වයෙන් හැසිරෙමින් සිටි බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සිටි 20 හැවිරිදි සැකකාර තරුණිය විසින් මෙම සාදය සංවිධානය කොට ඇති බවට සැක කෙරෙන අතර මෙම සාදය රාගම පොලිස් වසමේ වල්පොල පුනීලවත්ත ප්‍රදේශයේ නිවෙසක පවත්තා ඇති බව පොලිසිය පවසයි.

සැකකාර තරුණිය රාගම ප්‍රදේශයේම පදිංචි කාරියක් බවත් අනෙක් සැකකරුවන් ජාඇල, ගම්පහ, කිරිබත්ගොඩ කැළණිය සහ සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් වැලිසර මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරීමට නියමිතය.