(සුජිත් හේවාජූලිගේ)
සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.
මෙහි පළමු පියවර ලෙස මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.
මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බවත් එය පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොන්තු වන බවත් අමාත්‍යංශ ප්රකාශයෙක් කීය.
පුද්ගලයන්ට ද්වෙෂ සහගත ලෙස මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් ඉල්ලිමක් කර ඇත. නව සංශෝධන ගෙන එනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්මම ඇමරිකාවට පැන ගත්තොත් හොඳයි! ඔය මොන්ගල් තීරණ නිසා තමා ඔබ මුළුමනින් ම පිරිහිලා විනාශ වෙන්නේ...!!!
මියන්මාර් වගේ වෙන්නයි යන්නේ...
දැනට අවුරුදු එක හමාරකට විතර කලින් අන්තර් ජාලයේ තිබුණු එක්තරා "ෆේස් බුක්" පිටුවක් ජනතාව සැලකුවේ හරියට මහා බලසම්පන්න දේවාලයක් හැටියටයි. එහි මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ පුදුමාකාර ආඩම්බරයකින්... එකඳු නරක වචනයක් සටහන් කළේ නැහැ. දසදහස් ගණනක් භක්තිවන්ත පිරිවර ජනතාවක් එකල එම පිටුවට හිටියා. නමුත් එහි අද තත්වය ඉතාම දුක්ඛ දායක බවයි පෙනෙන්නේ. එදා මහා හඬින් ප්රශස්ති ගායනා කළ පිරිසම අද දිනපතා අමු තිත්ත කතා ප්‍රතිචාර ලෙස ලියනවා. මෙම ප්‍රතිචාර විරුද්ධ කණ්ඩායම් වල කටයුතු වෙන්න බැහැ. මොකද ඒවගේ දෙයක් කරන්නට දැනුමක්, ශක්තියක් ඇති විරුද්ධවාදීන් අපේ රටේ නැහැ. අනුන්ට ලෙඩ අදිනවා තියා තමන්ගේ " ෆේස්බුක්" පිටුවත් ඇහැට, කනට පෙනෙන්න හදාගන්නවත්, දැනුමක් විරුද්ධ වාදීන්ට නැහැ. ඒ නිසා මේ ප්‍රතිචාර අවංකවම කලකිරුණු පිරිවර ජනයාම ලියන ඒවා වියයුතුයි. මේවා අර පරණ දේවාලේ දෙවියන්ට කියව කියවා ඉන්න වෙලාවක් නැතුව ඇති. නමුත් අඩු ගණනේ දේවාලේ ඔය ඉන්න හැට හුටා හමාරක් කපුරාලලා හරි මේවා කියවා බලලා මොකද වෙන්නේ කියලා දෙවියන් වහන්සේට තේරුම් බේරුම් කර දුන්නොත් ගමක් ගමක් ගානේ ගිහින් කරන ඔය නහයෙන් අඬන එක වෙනුවට හරි දෙයක් කරයි කියලයි හිතෙන්නේ...
සර් සියලුම සමාජ මාධ්‍ය තහනම් කරලා දාන්න.
නියමයි.හැබැයි ඉතින් බොරුවෙන් ජීවත්වන විපක්ෂයට දැන් යන එනමන් නැතිවෙනවා
විවේචන නැති තැනක සත්‍ය සහ ප්රජාතන්ත්රවාදය මිය යනු නියතයි
මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්ඩ පුළුවන් වගේම, අගතියට පත්වෙන පාර්ශයට සාධාරණයක්, ඒ හා සමාන ඉක්මණින්ම ලැබිය යුතුයි. මේ සදහා දින කිහිපයක් ඇතුළත විසදුම් ලැබෙන ඉතාමත් අධිකරණ පද්ධතියක් , ඇති කරානම් කාලෝචිතයි. ලෝකයම දැන් අන්තර්ජාලය බාවිත වෙන නිසා, අනාගතයට ඉතාමත් අත්‍යවශ්‍ය වේ.