(ඩයනා උදයංගනී)
ස්පුට්නික් හා සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට ලබාදීමට නිර්දේශ නොමැති වුවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ස්පුට්නික් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ නොමැති අතර සයිනොෆාම් එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ කර ඇත්තේ අධීක්ෂණ තත්ව යටතේ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
එම කරුණු සළකා අදාළ එන්නත් මෙරට අවුරුදු 60ට වැඩි අයට ලබානොදෙන බවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකිවන බවත් හෙතෙම කීවේය.
ෆයිසර් එන්නත වැඩිහිටියන්ට ඉතා ආරක්‍ෂිත බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෆයිසර් එන්නත් පමණයි වයස 18ට අඩු අයට දීමට නිර්දේශිත එකම එන්නත. ඒනිසා කොටසක් වත් ආබාධිත දරුවන්ට වෙන් කරනවා නම්... දැනටමත් මේ එන්නත ඇමෙරිකාවේ වයස 13න් ඉහළ අයට ලබාදෙනවා.
ඔය කියන කිසි වෛද්‍ය නිර්දේශයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? දේශපාලන අධිකාරියට ඕනෑ විදිහට නේද ඔයාලා නටන්නේ..? වෙන රටවල වයස වැඩියි. වෙනත් සංකූලතා සහිත අවදානම් උදවියට තමයි මුලින්ම එන්නත් දුන්නේ සහ දෙන්නේ. අපේ රටේ නම් 30ට වැඩි හැමෝටම දෙනවා කිසි හෙවිල්ලක් නැතිව... අනේ මන්දා මේ ලොවෙත් නැති තීරණ...
ඒ කියන්නේ පේන්නේ ... පට්ටියෙ අයට තමයි.
මේ ගොල්ලෝ හොදයි ඊළඟ වටයේ දී පාර්ලිමේන්තුවට යවන්න මොකද දවසින් දවස ඒක ඒක කතා කියනවා දවස් දෙකක් යද්දි මතක නැ කලින් මොනවාද කිව්වේ කියලා
මොන බයිලාද මහත්තයෝ ෆයිසර් එන්නත් ගබඩා කිරීමට අපට පුලුවන්ද ?