(අරුණ එස් . කුමාර)
‘‘ෆොන්සේක කාපු හිර බතක් නෑ. මෙයාට සුපිරි කෑම ඕනෑ. ඒවා තමා අපි ගිහින් දුන්නේ. අනෝමා ෆොන්සේකා කෑම ටිරාන් අලස්ගේ ගෙදරට ගිහින් දෙනවා. ටිලාන් අලස් මන්ත්‍රීතුමා එයාගේ එම්.එස්.ඩි.එකේ දෙදෙනකු එක්ක ඒවා හිරගෙදර ගෙනියනවා. ඒවා තමා එයා කෑවේ. එයාට හිරගෙදර සියලු සැප සම්පත් තිබුණා. ටී.වී. ඇඳන් මෙට්ට මේ හැම දෙයක්ම තිබුණා. අපි ෆොන්සේකාට හිරගෙදර ගෙනිහින් නුදුන්නේ ගෑනියකු විතරයි.‘‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
පාලිත තෙවරප්පුරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
‘‘ෆොන්සේකාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ එයාගේ අක්කලා නංගිලා. මගේ ඉන්නේ රස්තියාදු කාරයන්ලු. මගේ කාර්ය මණ්ඩලයේ ලේකම් සුනිල් ද කොස්තා විශ්‍රාමික නිදහස් විනිසුරු, සම්බන්ධීකරණ ලේකම් ප්‍රසාද් ගුණසිංහ ප්‍රයිස්ටා බේකස් අධිපති, දේශාන් යටියල ඔහු අභ්‍යාන්තර වාස්තු විද්‍යාඥයෙක්, මාධ්‍ය ලේකම් මලීන් දැඩිගම, දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති, සම්බන්ධිකරන ලේකම් ළහිරු දිල්ශාන් එයා සිවිල් ඉංජිනේරුවෙක්, කළමනාකර ආර්. ජයතිස්ස හිටපු ප්‍රදේශීය සභාසභාපති, අමල් සමරසිංහ විපක්ෂ නායක .
ෆොන්සේකා වගේ අක්කල, නංගිල, දූලා මා කාර්ය මණ්ඩලයට දාලා නෑ. මම නාවික හමුදාවෙන් පැනල ගියාද කියල නාවික හමුදාව දන්නවා.
ෆොන්සේකා කියනවා මගේ ඡන්ද නවත්වනවාලු. මගේ ඡන්ද නවත්තන්න ෆොන්සේකාට බෑ. මා අභියෝග කරනවා. ෆොන්සේකා ඡන්දේ ඉල්ලන්නේ කොහෙන්ද ගම්පහ ද, කළුතර ද නුවරද ඒ ඉල්ලන ඕනෑම ප්‍රාදේශයකින් අගමැතිට කියල මට නාම යෝජනා අරන් දෙන්න. මට ආසන සංවිධායකකම් එපා දිස්ත්‍රික් සංවිධායකකම් එපා. අපේක්ෂක ලේඛනයට නිකම් පාලිත තේවරප්පෙරුම කියල නම දාල දෙන්න ෆොන්සේකා කවුද පාලිත කවුද කියල මා පෙන්වලා දෙන්නම්.
තේවරප්පෙරුමට රටේ ජනතාව කොච්චර ආදරෙයිද කියලා මා පෙන්වන්නම්. මා නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ දේ පමණක් කරන්න. ෆොන්සේකා මට කළ අභියෝගය මා ෆොන්සේකා ළඟට ඇවිත් බාරගන්වා. මා කළුතරින් එලවන්න ලැහැස්ති වෙන්න එපා ෆොන්සේකා. කැලණිය බේරගන්න. නිකම් කළුතර දිස්ත්‍රික්කයට ඇවිත් රස්තියාදු වෙන්න ඕනෙ නැහැ. ෆොන්සේකාට විරුද්ධව හෙට අනිදාට කැලණියෙ මිනිස්සු උද්ඝෝෂණ කරනවා. කළුතරට ඉස්සෙල්ල කැලණිය පරිස්සම් කරගන්න.
නායකතුමා මේ ෆොන්සෙන්කා ගෙනත් තියෙන්නෙ ඡන්දවලට නොවේ, බුරන්න. මහින්ද රාජපක්ෂට බුරන්න. ගෝඨාභය රාජපක්ෂට බුරන්න. විමල් වීරවංශට බුරන්න, උදය ගම්මන්පිළට බුරන්න ෆොන්සේකා ගෙනත් තියෙන්නේ. උසි උසි කීවාම බුරනවා. හැබැයි මට බුරන්න ආවොත් ෆොන්සේකා දැනගන්න නැට්ටෙන් අල්ලා ගිනිසිළුවට විසිකරනවා.
වනජීවි අමාත්‍යංශයේ තියෙනවා වනජීවි බාර් කියල ආයතනයක්. ඒක රාජ්‍ය නොවන සංවිධානයක්. ඒකේ අධ්‍යක්ෂ කවුද ෆොන්සේකාගේ ලොකු තාත්තාගේ පුතා. නාගහතැන්න. ඒ පුද්ගලයා අමාත්‍යංශය සතු වාහනයක් දීලා තියෙනවා. එහෙම දෙන්න බෑ මේවාට විරුද්ධව හෙට අනිදාට මා නඩු දමනවා.
මම වනජීවී අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා. වනජීවි අමාත්‍යංශයේ තිබෙන ගැටළු මේ රටේ කොහේවත් නෑ. මේක ජනවාර්ගික යුද්දෙට වඩා ප්‍රශ්න, ගැටළුව තියෙන තැනක් තමයි වනජීවි අමාත්‍යංශය. අලි බේරගන්න ඕනේ මිනිස්සු බේරගාන්න ඕනේ.
අලි මරන්නත් බෑ මිනිස්සු මරන්නත් බෑ. හැමෝම බේරගන්න ඕනේ. මේක තමයි ලොකුම ප්‍රශ්නය. මා වනජීවි නියෝජ්‍ය ඇමැතිකමෙන් අයින් කළේ ෆොන්සේකාගේ කීමටලු. හරි මේ මනුස්සයාගේ කීමට අයින් කළා කියමුකෝ.
මට දුන්නා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති කම. හැබැයි මේක ඊට එහාගිය ප්‍රශ්නයක්. මේ රටේ දුගී දුප්පත් මිනිස්සුන්ට ආබාධිත පුද්ගලයන්ට උදව් කරන්න පුළුවන්. සියලු දෙනට උදව් කරන්න පුළුවන් ලොකුම අමාත්‍යංශයක් මේක.
මේ ඇමැතිකමෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. මේකේ ඉන්නෙ හොඳ ඇමැතිවරයෙක් ඒ තමා දයාගමගේ. ඔහු බෝහෝම හොඳ ව්‍යාපාරිකයෙක් 40000ක් පමණ පිරිසක් ඔහු ළඟ සේවය කරනවා. නෝනාගෙන් උපදෙස් අරගෙන කටයුතු කරන කෙනෙක්. එතුමාගේ නියෝජ්‍ය ඇමැතිකම ලැබීම මට ලොකු පිනක්. එතුමත් එක්ක එකතුවෙලා කළහැකි ලොකුම දේ මා කරනවා. ෆොන්සේකා කියනවා මා එයාගේ ආරක්ෂකයන්ට තියෙන වාහනයක් අරන් ගියාලු. එයාට අකුරු තේරෙන්නේ නැහැ. මම ගිය ගිය වාහන ඔක්කොම මාඟ හිටියා. එකක් සූරියවැව එකක් හම්බන්තොට එවා මඟ දලා මා එන්නේ බස්එකේ.
එයා කියනවා මා අනිල් මුණසිංහගේ රියැදුරාලු. අනිල් මුණසිංහ වගේ රටට ආදරය කළ වාංචාවට දූෂණයට එරෙහි වූ මන්ත්‍රීවරයකුගේ නියෝජ්‍ය කතානායකවරයකුගේ රියැදුරා වෙන්න ලැබීමත් වාසනාවක්. ඒක පිනක්. හැබැයි මා අනිල් මුණසිංහගේ වාහන එලෙව්වේ පඩියට නොවේ. කුමාරවෙල්ගම මහත්තය පයින් ගහල එලෙව්වා කීවා. කුමාර වෙල්ගම මට කියන්නේ අපේ එකා කියලා. බොහොම ගුණවත් මනුස්සයෙක් කෙලින් මනුස්සයෙක් වෙල්ගම කියන්නේ.
මා ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස වැඩ කරද්දී වෙල්ගම මහතා කීවා පාලිත තමා ජනතාවට දැනෙන්න වැඩකළ එකම සභාපති කියලා. අදත් වෙල්ගම මහත්තයා ඒක කියනවා. මහින්ද සමරසංහ මගේ තාත්තාවගේ හිටියා. මහින්ද සමරසිංහ පක්ෂය පාවල දීලා ගිය දවසේ තමයි අපි මහින්ද සමරසිංහව අතහැරල දැම්මෙ. හැබැයි මහින්ද සමරසිංහට අදටත් අප ආදරෙයි.
මගේ අම්මා කියන්නේ බුදු කෙනෙක් මා මගේ අම්මා තුන්වරක් දඹදිව වන්දනාවේ යැව්වා. මගේ අම්මට මා හොඳට සලකනවා. හැබැයි ෆොන්සේක මහතයා මගෙන් අහගන්න එපා තමන්ගේ අක්කාට සලකපු විදිය. මල්ලි ආවා ෆොන්සේකාව හම්බවෙන්න වෙන්කරපු වෙලාවේ ආවේ නෑ කියල මල්ලිව එලෙව්වා. ආප්පේ වාටිය නෑ කිලය ආමි එකේ කොල්ලන් දන ගස්සල ගැහුවේ නෑ අපි. කපුටෙක් ඔළුවට ජරා කළා කියල අමි එකේ කොල්ලන්ට ගිනි අවි දිලා කපුටෝ මරන්න අණ කළේ නෑ .
මා හිරගෙදර ඉදන් ඡන්දේ ඉල්ලලා කළුතර දිස්ත්‍රික්කයෙන් පලවෙනියා වුණා. මම යන යන තැන ඉත්තෑමස්, ගෝන මස් , ඌරු මස් හොයනවා. ඔවු මම නීත්‍යානුකූලව හොයන්න පටන්ගත්තේ වනජිවි නියෝජ්‍ය ඇමැතිවරය ලෙස පත් වුණාට පස්සේ. වනජීවි අහිංසක සත්තුන් මරණ එක ඇල්ලුවේ මම, වස දාල මුවෝ මරණ ඒවා අල්ලුවේ මම, ගෝන්නු මරණ ඒවා ඇල්ලුවේ මම. මුව මස් කිලෝ 23 අල්ලල කිලෝ තුනක් උසාවි දාලා ඉතිරි 20 ශීතකරණයේ දාපු අය ඇල්ලුවේ මම. මම මස් හොයන්නේ ෆොන්සේකා වගේ ගිලින්න නොවේ. මම හොයන්නේ නඩු දමන්න. මගේ වත්තේ ඉන්නවා මගේ දරුවා වෙනුවෙන් නිදහස්කළ හරක් 50 ක් 60ක්. එළුවෝ ඉන්නවා. උන් නිදහසේ තමා කාලය ගත කරන්නේ. ඒ සතුන් නිදහසේ ඉන්නාවා. ගෙදර බල්ලට ලෙඩ වුණාම වෙඩි තියල මරණ එකෙක් නෙමෙයි මම.
මම රට වටේ ගියේ මැරෙන අලි ටික බේරාගන්න. මිනිස්සුගේ දේපල බේරාගන්න අලිවැටවල් ගහන්න තමයි මා රට වටේ ගියේ. අකාලයේ මැරෙන අහිසංක සතුන් බේරාගන්න. අලි ගහල මැරෙනු මිනිස්සු ගැන හොයල බලන්න. ඒවා නැවැත්තුව කියන්නේ පොන්සේකට උවමනාවක් තිබිල නෑ අලි මිනිස් ගැටුමට විසැඳුමක් දෙන්න.
මම හිරේ ගියේ මැර වැඩක් කරලලු. ඔව් මම මැරවැඩක් තමයි කළේ. මම නොවේ මැර වැඩේ කළේ. මේ රටේ 6200000ක් මිනිස්සු ඒ මැර වැඩේ කළේ. මිනිහකුට කතාකරන්න දන්නැති මිනිහකු ජනාධිපතිකරන්න ගියා. ඒක තමා මම කළ මැර වැඩේ. ඒ මැර වැඩේ කරන්න ගිහින් තමයි මා හිරේ ගියේ. හිරගේ ඇතුළේ මම අපා දුක්වින්දා.
ෆොන්සේකා හිරබත් කෑවලු. ෆොන්සේකා හිරබත් කාපු හැටි දන්වා අර්ජුන රණතුංග, ජයන්ත කැටගොඩ. ටිරාන් අලස්. ෆොන්සේකා හිරේ ගියාම මම තමයි එයා බලන්න හිරගෙදරට මුලින්ම ගියේ. එයා බලන්න යනකොටය පුහුලන් කජු පැකට් එකක්. චොකලට් එකක්. ඇපල් ජූස් එකක්. ඒවා තමා ෆොන්සේකා මුලින් හිරගෙදර ඉඳගෙන කෑවේ. අනික් හැම දෙයක්ම අපි ගෙනිහින් දුන්නා. ෆොන්සේකා කාපු හිරබතක් නෑ.
අපි හිරබත් කෑවේ ෆොන්සේකා ජනාධිපතිකරන්න ගිහින්. එයා ජනාධිපති වුණා නම් මුලින්ම හිරගෙන දාන්නේ පාලිතවලු. මා නෙමේ මුලින්ම හිරගෙදරට දාන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක රටම දන්වා. රනිල් මහත්තයාගේ පිනට, රටේ පිනට මෙයා ජනාධිපතිවුණේ නෑ.
මෙයාගේ කතාව හැටියට තේරෙනවා ලසන්ත වික්‍රමතුංගට මොකද වුණේ කියලා. රැස්වීම්වලට ගියාම ගුබ්බෑයම්වල ඉන්න බැහැලු මෙයාට. ඒ කියන්නේ වනජීවියෙ තියෙන නිල නිවාස ගුබ්බෑයන්ද. මිනිස්සු පෝලිමේ ඉඳල අවුරුද්ද පුරා වෙන් කරන්නේ ගුබ්බැයම්ද එයාට ඒවයේ ඉන්න බෑ .මානසික ලෙඩක් තිබෙනවා. තරු පහේ හෝටල්ම තමයි හොයන්නේ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව මන්ද බුද්ධික නූගත් ජෝකර්ලගෙන් තොර තැනක් කළ යුතුයි.
මේ මනුස්සයට තවපාරක් ඉස්කෝලේ ගිහින් එන්න බැරිද?
විපක්ෂයට කරන්න දෙයක් නැහැ... ඒ වැඩෙත් ආණ්ඩු පක්ෂයම කරගන්නවා වගෙයි.
ඔය එන්නේ පැටිකිරිය වක්කඩයක් කැඩුවා වගේ... දැන් අපිට තවත් සතියක්, දෙකක් මේ නාඩගම බලන්න පුලුවන්.... නැව ගිලුණත් බෑන් චූන් කියලා අපි මෙවාට හුරේ දමදමා ඉඳිමු.
මම වැරදියට හිතුවේ. නියමයි මන්ත්‍රීතුමා අතහරින්න එපා. මේ අයව දේශපාලනයට ගේන අයට ගහන්න ඕනෑ...
එජාප නායකවරුනි, මේ නාඩගම වහාම නැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුවේ පිහි දික්කරමින් කරපු නාඩගමට නොදෙවෙනි නාඩගමක් මේක...
වයසක අම්බරුවන් අං පටලවාගෙන වගේ... නොදකින් මේ අපේ මහජන නියෝජිතයන් කියා ගන්න හරකුන් නොවේද..?
පාලිතගේ පක්ෂය මොකක්ද?
මේ අයගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ කොම්පැණි අයිතිකාරයෝ, නිදහස්? විනිශ්චය කාරයෝ? අභ්‍යන්තර? වාස්තු විද්‍යාඥයෝ? මේ මොනවා කියවනවද දන්නෑ.
අපිට තියෙන්නේ බඩවල් අල්ලගෙන පිටිපස්සෙන් හිනාවෙන්නයි..
අදයි දන්නේ මන්ත්‍රී කෙනෙකුට මෙච්චර කාර්ය මණ්ඩලයක් ඉන්නවා කියලා. පාර්ලිමේන්තුවට පිහියක් අරන් පලයන් කියල උපදෙස් දුන්නෙත් ඔයින් එක්කෙනෙක් නේද? ඔය දෙන්නටම හොඳ වනජීවී පමණි...
මේවාට තමයි කියන්නේ බල්ලෝ එක්ක නිදගත්තාම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා.
'එජාපයේ නයකවරුනි ' ඕවට එන්න එපා හොඳේ... එජාපයේ එකම නායක රනිල් වික්‍රමසිංහ මැතිඳුනි කියලා කියන්න. කවුරු කෙලගත්තත් කමක් නැහැ... මගේ නායකකමට ප්‍රශ්නයක් නැත්නම්.
සල්ලි තිබේනම් හිරගෙදර රජගෙරම තමා. වැසිකිළි නම් මෙලොව අපායලු
මේ දෙන්නගේ පොරය ඉවර වෙන පාටක් නැහැ. පක්ෂ නායකයින් වගකීම අරන් මේක ඉවරයක් කරන්න ඕනෑ.
අපිව රවට්ටන්න ජම්පර් ඇඳගෙන සිටියාට මේ ගොල්ලෝ සිපිරි ගෙදරත් සුපිරි ජීවිත ගෙනියනවා. එ්කෙන් තේරෙන්නේ මහින්ද මෙයාව නාමිකව හිරේ දැම්ම පමණයි. මේක කවදාවත් හැදෙන්නැති රටක්. ඒ ජීවත්වන මිනිස්සු වැඩිහරියක් මිනිස්කමට අයිති නැති නිසා.
මෙන්න මේ වගේ අනිත් අයටත් බැරිද ප්‍රසිද්ධියේ කෙළ ගන්න...? අපිට දැනගන්න පුලුවන් එතකොට කාගෙ කාගෙත් පැටිකිරිය. හබන් කුකුළනට රජ මගුල්...
දෙන්නම දේශපාලනය නොකළ යුතු චරිත කියලා ඔප්පු කළා...
ෆොන්සේකා එක්ක බලනකොට තෙවරප්පෙරුම මහාතා, මානව හිතවාදී පුද්ගලයෙක්. මෙවැනි අය පළාත් බාර මන්ත්‍රී තනතුරට මිස ඇමති තනතුරුවලට සුදුසු නොවේ.
ඉන්දියාවේ උන්නා නම් එහෙ මිනිස්සු මේ දෙන්නට වන්දනාමාන කරනවා. ඒ රටේ හරකුන්ට සලකන්නේ දෙවියෙකුට වගේ...
නාස් ලණුව කඩාගත් පාර්ලිමන්ට් අම්බරුවන් දෙන්නෙක් අං පටලවා ගනී.
කාගේ කාගේත් වැඩවල පැටිකිරියාව දැන් දැන් එළියට ...
ඕකට තමයි කියන්නේ ලඟින්ම හිටිය එකා තරහා උනාම දෙන්නාගෙම රෙදි ගැලවෙනවා කියලා...
මට අල්ලපු නැති එක තමයි ෆොන්සේකා තෙවරප්පෙරුම අලි නාවපු එකා වගේ කම්කරු වැඩ කරපු එක... පහත් කොට සලකලා කථා කරපු එක. ඒක වැරදි වැඩක්. ෆොන්සේකාට තියෙනවා ලොකු මාන්නයක්. තෙවරප්පෙරුම මදාවියෙක් වගේ වෙන්න ඇති, නමුත් එයා ඕනෑම වැඩක් බැහැලා කරනවා. මිනිස්සු එනකම් බලාගෙන ඉන්නේ නෑ. ගංවතුර ගලපු වෙලාවේදී වතුරට බැහලා මිනිස්සුන්ට උදව් කරේ. මඩ හෝදගත්තම රජකමටත් ගොවියා සුදුසුයි කියපු රටේ, තෙවරප්පෙරුම වගේ කෙනෙක් ඇමතිකම් කරාට ප්‍රශ්නයක් නෑ. ඇමතිකම් කරන්න උගත්කමටත් වඩා ඕනේ ජනතාවට සේවය කරන්න පුලුවන් හැකියාවයි. ජී.එල් පීරිස් මහාචාර්ය නමුත් මොනවද එයා කරන්නේ මිනිස්සුන්ට...?
මේවා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම මේ දෙපලගේ ඉදිරි දේශපාලන වැඩවලට කැළලක්, අපකීර්තියක්. ඔබ දෙපල මේවා කතාබහ කර විසඳගන්නවා නම් මේ වෛරී දේශපාලනයට හොඳ අරුතක් වෙයි.
මෙයාගේ කතා හරියටම මෙර්වින් සිල්වා වගේ නේද?
ෆොන්සේකා පාලිත ගැන ඇත්ත කියනවා. පාලිත ෆොන්සේකා ගැන ඇත්ත කියනවා. එජාපයින් හුරේ දාලා අහගෙන ඉන්නවා...
පාලිත නිකන් ඉන්න මිනිහෙක් නොවෙයි, ක්‍රියාශීලීව ඕනෑම වැඩකට ඔට්ටුයි. ජපන් ජාතිකයෝ බටහිර ජාතිකයොත් එහෙමයි. ලංකාවේ මිනිස්සු කැමති වැඩ කරන මිනිසුන්ට නොවෙයි, ඒ.සී කාමරයක නිකමුන් දකින්න. පාලිතට අර දේවාලේ කකුල කුණු වූ අලියා විඳපු වේදනාව බේරපු පිනම ඇති ජීවිතයට...
පාර්ලිමේන්තුවට නොහොඹිනා කෙනෙක් මේ පුද්ගලයා...
අනේ මේ වගේ වැඩ කරන්නේ නැතුව ඉන්න. දෙන්නම හැසිරෙන්නේ පොඩි ළමයි වගේ.
ෆොන්සේකා කියන විදියට කසිප්පු ගැලුම් ගණන් බිව්වා ප්‍රබන්ධ රට පිළිගන්නේ නැහැ. පාලිත ගොවියෙක්, කම්කරුවෙක් ඉන්න තැනකට ගියොත් විස්කි බෝතලේ විසි කරලා මිල අධික තරු හෝටල් වලට නොගිහින් ඒ මිනිස්සුත් එකට ඉන්න මිනිහෙක්, ඒකම තමයි ඔහුට කවදා හෝ දිනක පරා වළල්ලක් වෙන්නේ
දේශපාලනයට උගතුන් ගිහින් වැඩක් නැහැ මේ වගේ ප්‍රායෝගික මිනිස්සුත් ඉන්න ඕනේ මොන වැරදී තිබුණත්... මෙතුමාගේ වනජීවී එකට යම් සේවයක් වෙලා තියෙනවා.