(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීම ‘බී ප්ලස් (බී+) සිට බී’ දක්වා පහළ දැමීමට පියවර ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා නව අග්‍රාමාත්‍යවරයකු පත් කරනු ලැබීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රතිපත්තිවල අවිනිශ්චිත බව, අයවැය ඒකාග්‍රතාව මන්දගාමී වීමේ අවදානම සහ විදේශ ණය නැවත ගෙවීම පිළිබඳ ඇති වූ අවදානම යන කරුණු නිසා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට පියවර ගත් බව ‘ෆිච් රේටින්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව 2019 වසරේ සිට 2022 දක්වා කාලයේදී ගෙවිය යුතු විදේශීය මුදල් ඒකක පදනම් කරගත් ස්වෛරීත්ව ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 20.9ක් යැයි ද එම ආයතනය සඳහන් කර ඇත.
මේ අතර පසුගිය මාසයේදී තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම් දක්වා පහත දැමීය. එම පහත දැමීම පදනම් විරහිත යැයි ද එලෙස ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(ඡායාරූප රොයිටර්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මහබැංකුව කොහොමද කියන්නේ එක වැරදියි කියලා. රේටින්ග් ආයතන කියන දේ ඇත්ත... මහබැංකුව කරන්න ඕනෑ.. ඒ වෙච්ච දේ ඔය පොල් බූරු දේශපාලකයින්ට පැහැදිලි කරන එක තවදුරටත් කඩේ නොගිහින්...
මෙරට නායකයින් රටේ අර්බුදයක් නැතිබව මහජනතාවට පෙන්වීමට උත්සාහකලත් තත්ත්වය ඊට වෙනස්බව මෙම ජ්‍යාතන්තර සංවිධානය පෙන්වාදෙයි. මහජනයාගේ පරමාධිපත්වයට මුවාවී රට තවදුරටත් අගාධයකට පත්නොකර පවතින අවිනිශ්ච්තභාවයට ඉක්මන් පිළියම් යෙදීම පාලකයින්ගේ වගකීමයි.