(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ කල් පැවතුනහොත් පාරිභෝගික භාණ්ඩ, විදුලි උත්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත සමාගම්වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීමේ සමාගම පවසයි.

ඉහළ යන උද්ධමනය ඉල්ලුමට සහ එම සමාගම්වල ලාභයට බලපෑමක් එල්ල කරන බවත් ආනයන සීමා එම සමාගම්වල මෙහෙයුම්වලට බාධා එල්ල කර ඇති බවත් ෆිච් රේටින්ග්ස් සමාගම පෙන්වා දෙයි. එසේම ඉහළ පොළී අනුපාතය ද ඉදිරි මාස 12 ත් 18 ත් අතර දේශීය සමාගම් මුහුණ දෙන ප්‍රධාන අවදානම් අතර වන බව  ෆිච් රේටින්ග්ස් පවසයි.