(විමුක්ති එස් රුද්‍රිගු)
ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2 වැනි ස්ථානය දිනාගෙන සිටින බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යෑම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල් වල දරු දැරියන්ට බව යුනිසෙෆ් සංවිධානය පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් හරි අඩකට දැනටමත් කුමන හෝ ආකාරයක හදිසි සහායක් අවශ්‍යව ඇතැයි යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කගේ පාසල් ගමනට අඛණ්ඩව බාධා පැමිණීම හේතුවෙන් වසර දෙකක කාලයක සිට ඔවුන්ගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යුනිසෙෆ් සංවිධානය මෙම නිවේදනය නිකුත් කළේය.
වත්මන් අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොයෙක් ආකාරයෙන් අඩාල වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.
වත්මන් ආර්ථික අර්බුදයට ඇතිවීමට පෙර දරු දැරියන් ආහාරයට ගත් උණුසුම් සහ පෝෂ්‍යදායී පාසල් ආහාර වේල තවදුරටත් ඔවුන්ට නොලැබෙන බවත් පාසල් ළමුන්ට අවශ්‍ය මූලික ලිපි ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු වී ඇති බවත් පාසැල් ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.
වැඩිවන ආර්ථික පීඩනය හේතුවෙන් ළමයින්ට සිදුවන අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේය.ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනටමත් 10,000 කට අධික ළමුන් සංඛ්‍යාවක් ආයතනික රැකවරණයේ(පරිවාස භාරයේ) සිටින බවත් පවුලක බැඳීමක් නොමැති වීම නිසා එවැනි ආයතනයක් දරුවෙකුට හැදී වැඩීමට හොඳම ස්ථානය නොවන බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.
අවාසනාවකට මෙන්,ඇතැම් දුප්පත් පවුල්වලට තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් මෙම ආයතන වලට තම දරුවන් යොමු කිරීමට පෙළඹී ඇතැයි යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.
වත්මන් ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාව ළමුන් සම්බන්ධව ගොඩනගා ගත් ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් ඇති අතර සමහර අවස්ථාවලදී එම ප්‍රගතිය ස්ථිරවම නැති වී යා හැකි බව යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන ගෝඨාභය රාජපක්ෂට ජයවේවා..!
ළමා මන්ද පෝෂණය. ඒත් පාලකයෝ ගමන් කරන්නේ වී12 බෙන්ස් වාහනවලනේ...!
ආඩම්බර අප්පච්චිගේ සහ පවුලේ අයගේ හැකියාව තමයි මේ.., 2020ට කලින් ලංකාව දකුණු ආසියාවේ දරිද්‍රතාව අඩුම තිබුණු රටක්..!
මිනිසුනේ දැන්වත් ඇස් ඇරපල්ලා. අහිංසක ළමයෙක්ට කාලා ඇඳලා ඉන්න එකවත් නැති කරපු මේ දේශපාලකයින්ව ප්‍රතික්ෂේප කරපල්ලා. තවත් එකඑකාට වහල්කම් කරකර පස්සෙන් යන්නේ නැතුව... මොවුන් රටට ශාපයක්. කරන හැම මගුලකින්ම ගසාකනවා.. කෝටි ගණන් ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ නෑ. රාජ්‍ය ආයතන වලට හෙන්චයියන් බුරුතු පිටින් දාලා ඒව විනාශ කළා, කුඩු බිස්නස්, කප්පම් ගැනීම්වලින් තවත් මඩිය පුරවාගන්නවා.. රට හදන්න තීරණ ගන්න ඕනෑ පාර්ලිමේන්තුවට ගිහින් ලෝකෙටම පේන්න... හොඳට කාලාබීලා බඩකට පුරෝගෙන ටැක්ස් නැතුව ගෙන්නපු සැප වාහනේ ඉන්ධන දීමනාවත් අරගෙන ගෙදර යනවා.. ටීවී වලට වොයිස් කට් දිදී... බිල්ටික මිනිස්සු ගෙවනවා.
ආසියාවේ ආශ්චර්ය...!
කෝ මේ අරගල කාරයින්? කෝ මේ ලපයා? ඔබලාට මේවා පේන්නේ නැද්ද? ඔබලා රට පාලනය කළේ මෙහෙම වෙන්නද?
ජරාපක්ෂ සාපය.. තවම ඉවර නැත...
රාජපක්ෂලා හා හාමු දෙගොල්ලෝ වෙන වෙනම හා එක්ක ගිය අවුරුදු 10ක් කරපු විනාශවල ප්‍රතිඵල ජනතාව විඳවමින් සිටියි.
කෝ මෙතන අරගලයට බැනබැන තප්පුලන අප්පුහාමිලා...!
නන්දසේන එළෙව්වා වගේ ඉන්න 225ම එළවන්න ඕනෑ...
දුප්පත් අහිංසක දරුවොයි, කාලකණ්ණි පාලකයොයි...
ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ. ලංකාවේ තියෙන චීන ණයවලින් හදපු ඔක්කොම දේපළ අත්පත් කරගන්නවා කයලා දැම්මා නම් හරි...
අරගලයේ කට්ටියට ඩොලර් අරගෙන ළමයින්ට කන්න ටිකත් නැති කළා.
අපි දැන් ඉන්නේ ගිලෙන නැවක බාල් නටන අය වගේ... රටට හෙණ ගැහුවත් බලයේ ඉන්න එකා බලය රැක ගන්නටත්, නැතිඑකා බලයට එන්නත් බලන්නේ. දුක්විඳින ජනතාව වෙනුවෙන් කවුරුත් නෑ. තව අරගල දෙකකුයි.. 225 සෙට් එකයි හිටියා නම් මන්ද පෝෂණයෙන් ලෝකයේ අංක එකට එන්න පුළුවන්... අපෙත් කරුමෙට මේවා අහන්න වුණානේ...
බැන බැන ඉඳලා හරියන්නේ නෑ.. අපි අපිම එක්වෙලා නැතිබැරි අසරණ පවුල් වලට, දරුවන්ට උදව් කරමු. හැම ගමකම... පන්සල හෝ පල්ලිය හෝ වෙනත් ආයතනයක් මුල්වෙලා හැකි පමණ ආහාර, ඇඳුම්, පැළඳුම්, පාසල් උපකරණ එකතු කරගෙන ගමේම ඉන්න අසරණ පවුල්වලට බෙදාදෙන්න. දරුවන්ගේ බඩගින්න නිවාදමන්න හරි උදව්වක් වේවි. පුළුවන් හැමෝම සුළුවෙන් හරි දායක, වුණොත් ලොකු වැඩක් කරන්න පුළුවන්... පිටරට සගයනි, එක්කෙනෙක් මාසෙකට ඩොලර් 100ක් ලංකාවට එවලා තම පවුලේ උදවිය මගින් වියළි කෑම පාර්සල් 10ක් වත් හදලා, තමන් ජීවත්වූ ගමේ අසරණ පවුල් 10කට උදව් කරන්න.. පුළුවන්. හැකිපමන අපි අපිම මේ අසරණ වූ පවුල්වලට උදව් කර ඔවුන් බේරා ගනිමු. එකම එක දේශපාලුවෙක් වත් මේ ගැන උනන්දු නෑ. ඔවුන් කියන්නේ සාගතයකින් දහස් ගාණක් මියයන බවයි. මේ පුණ්‍ය භුමියේ, සරුසාර භුමියේ කවුරුවත් මියගිය අයෙකු නෑ. එක වේලක් හෝ බඩ ගින්නේ සිටිය යුතු නෑ. ආණ්ඩුව පසෙකලා අපි අපිම එකතු වී බඩගින්න ජයගනිමු...