
(එම්.සුසිල් පියන්ත)
මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් 14 දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංක්රමික යතුරු පැදි ඒකකය කියයි.
පොලිස් අණ නොතකා ධාවනයවූ ගවයින් පටවා ගෙන යමින් තිබූ මේ ලොරි රථය කිලෝමීටර් දහයක් පමණ පසු පසු ලුහුබැද ගොස් වෙඩි කිහිපයක් තබා නවතාගෙන ගවයින් සහ සැකකරුවන් අත් අඩංගුවට ගත් බව එම ඒකකය කියයි.
ලොරි රථය අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෙල කපා ඝාතනය කරන ලද එළ ගවයකුද එහි සිටි බවද පොලීසිය පැවසීය.
අත් අඩංගුවට ගැනුනු ගවයින් අතර එළ ගවයින් දහයක් සහ මී ගවයින් හතරක් සිටි බවත් ඒ අතර එළ හා මී ගව පැටව් හතරක් ද සිටින බවත කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd