(සුජිත් හේවාජුලිගේ )

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව එන සතියේ භාරදීමට නියමිතව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාව සහ මහ භාණ්ඩාගාරයේ වාර්තාව යන වාර්තා දෙකම අධ්‍යයනය කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහභාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා භාර දෙනු ලැබීය.

එම වාර්තාව සම්බන්ධයෙන් මූලිකව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාව සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහ බැංකුව අධිපතිවරයාට නියෝග කළේය.

මහා භාණ්ඩාගාරයේ මුදල් මෙසේ හැකරුන් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මේ වසරේ මුල් භාගයේදීය.