දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානයේ IRGC පවසයි.

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඉරානය මෙසේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඇත. ඊශ්‍රායලයට එල්ල කළ එම ප්‍රහාරයෙන්  අවම වශයෙන් ලොබනනයේ 32 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. .

ඉරානය සහ අමෙරිකාව අතර බදාදා අත්සන් කළ සාම ගිවිසුම අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කෙරිණි.

එම සාම ගිවිසුමේ පළමු වගන්තිය වූයේ අමෙරිකාව හෝ එහි පාර්ශ්වකරුවන් කිසිවකු ලෙබනනය ඇතුලු කලාපයේ සටන්බිම් සඳහා කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට එකඟවීමය.

ඉරාන-ඇමරිකානු අන්තර්කාලීන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන තාක්ෂණික සාකච්ඡා ඉරිදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන බව පාකිස්තානය පවසයි.

දින කිහිපයක් ඇතුළත තමා ස්විට්සර්ලන්තයට යාමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.

ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අල් ජසීරා ටෙහෙරාන් වෙත පවසා ඇත්තේ වොෂින්ටනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් "ඉදිරියට යාමට සූදානම්" නමුත් යුද්ධය අවසන් කිරීම සඳහා ඊශ්‍රායලය ගිවිසුමේ නියමයන්ට අනුකූල වන බවට එක්සත් ජනපදය සහතික විය යුතු බවයි.