
(අංජුල මහික වීරරත්න)
ඩිජිටල් යුගයේදීත් රෝගී සත්කාරයේ මානුෂීය අගයන් ආරක්ෂා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 51 වන වාර්ෂික අධ්‍යයන සැසිය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of General Practitioners of Sri Lanka - CGPS) විසින් සංවිධානය කරනු ලබූ GP Sri Lanka ’26 – 51 වන වාර්ෂික අධ්‍යයන සැසිය (51st Annual Academic Sessions) කොළඹ Grand Maitland හෝටලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වුවද, එම තාක්ෂණය වෛද්‍ය-රෝගී සබඳතාව ශක්තිමත් කරන අයුරින් භාවිතා කළ යුතු බවයි. “අපගේ අභියෝගය සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පමණක් නොව, එම ඩිජිටල් තාක්ෂණය තුළත් මානුෂීය ගුණාංග ආරක්ෂා කිරීමයි” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd