
(රංජිත් රාජපක්ෂ)
දිට්වා සුලි කුණාටුවෙන් මාස 7කට පසු නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේන ආරම්භ කෙරිණ.
මෙතෙක් කල් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වු අතර, අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, පැරකුම්පුර ප්‍රදේශයේ නාය ගොස් තිබූ ස්ථානය දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් මගින් සිදු කිරිමෙන් අනතුරුව පොඩි මැණිකේ දුම්රිය අද (20) දින නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලැබූවේ.
නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය කිරිමේ කටයුතු ආරම්භ කළ අතර, පොඩි මැණිකේ දුම්රියෙන් ඇල්ල සහ බදුල්ල දක්වා ගමන් කිරිමට විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයන් පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් හිසට තම අතමය සෙවණැල්ල...