( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ ආයුධ තුනක්ද ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කප්පම් ගැනීම් හේතුවෙන් මාස ගණනක් පුරා වෙළඳසැල් වසා දමා තිබු බවද ඇතැම් පිරිස් ගම්බිම් පවා හැරගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබු බව පොලීසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් අපිට පෙන්න තියෙනවා මේ වගේ සමාජයට නරක අය ඇතුළට යනවා.... මේ වගේ වැඩ කරන අයට.. බුදු සරණයි.. දෙවි පිහිටයි...
කවුරු හරි දේශපාලකයෙකුගේ අනුහසින් තමයි ඉතින් කරන්න ඇත්තේ. නැත්නම් මාස ගානක් යන්නේ නැහැනේ අත්අඩංගුවට ගන්න .
කරුණාකර මේ අයගේ නම් ගම් හා පින්තූර ප්‍රසිද්ධ කරන්න. එවිට මොවුන් පිටිපස සිටින දේශපාලුවෝ කවුදැයි හඳුනා ගත හැක.
හංගපු ආයුධ එහෙම නැතුව ද ?හොයා ගන්න එකතු කරන් ගියා නම් හරි .
තව කෙනෙක් මහන්සියෙන් හම්බ කලදේ, නිකම්ම සිට මංකොල්ල කන සමාජ පිළිල. ඔය ආයුධ අත්අඩංගුවට ගත්තට වඩා හොඳයි, ඔය මිනිහව ඒවා පෙන්නීමට එක්ක ගියා නම්. මොහු මාස ගණනක් ඔය වැඩේ කරා නම්, බොහෝ විට එය කරන්නට ඇත්තේ දේශපාලන අනුග්‍රහය ඇතිව විය යුතුයි.
ආයුධ ටික හොඳයි කටුගෙදරට යවන්න.
ඉපදුන දවසේ ඉඳලම හංවැල්ලේ ඉන්නේ. හැබැයි මෙහෙම දෙයක් දන්නේ නැහැ.