
(කේ. බුද්ධික කුමාරසිරි)
ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන සියලු පෞද්ගලික බස් රථ අද (09) උදෑසන සිට ගමනාගමන කටයුතු වලිත් ඉවත් කර විරෝධතාවයක නියැලෙන බව එම බස් රථවල සේවකයෝ පවසති.
කඩුවෙල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන බස් රථයක සිටින සේවකයෙකු විසින් ඔහු ධාවනය කරන බස් රථයට ඉස්සර කළහොත් පහරදීම කාලයක සිට සිදුවන බැවින් තව දුරටත් මෙලෙස පහර කෑමට නොහැකි බැවින් මෙලෙස වර්ජනයක් ආරම්භ කළ බවද ඔවූහු පවසති.
තවද කඩුවෙල නගරයෙහි තිබූ බස් නැවතුමක් ඉවත් කිරීමට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශය මගින් කටයුතු කිරීමත් දුර ගමන් සේවා බස් රථ මගින් මගදී මගීන් නංවා ගැනීම නිසාවෙන් විශාල ලෙස ආදායම් අඩුවී ඇති බැවින් එම ඉල්ලීම් තුන මුල්කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවද එම සේවකයින් පවසති.
කඩුවෙල සිට කොළඹ දක්වා බස් ධාවයේදී තමන්ට මරණ තර්ජන පහරදීම් කාලයක සිට සිදුවන නමුත් ඒ සදහා නීතියේ පිහිට පැතුවද මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔවූහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බස් එකට නගින්නෙ උදේ 6ත් 7ත් අතර කටුබැද්දෙන්. කොළඹ හෝ ඒ අවටට යන මිනිස්සු ගොඩක් ඉන්නවා. එතකොට මොරටුව පිටකොටුව බස් එකක් පස්සෙ එකක් එකවා සෙනග නෑ ඇත්තටම. සීටී 50ත් තිබබොත් 10කවත් වාඩිවෙලා නෑ. අර මිනිස්සු ඔක්කොම නගින්නෙ සෙනග පිරිලා ඉන්න දුරගමන් බස්වලට. ඒ මිනිස්සු ආතල් එකට එහෙම යන්නෙ නෑනෙ. මිනිස්සුනට යන්න ඕන ඉක්මනට .