(යොහාන් භාසුර)
ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා අද (16) එකඟ වී තිබේ.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩොලර් මිලියන 25 නිදහස් කිරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට එකඟ වී තිබේ.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර ඊයේ වෙළද අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබාගැනීමට කටයුතු කළේය.
එම සාකච්ඡාවට සහභාගි වූ ආනයනකරුවකු පැවසුවේ අමාත්‍යවරයා මැදිහත්වී ඩොලර් නිදහස් කිරීමට මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීමක් කළ බවත් එම ඩොලර් ප්‍රමාණය ඉක්මනින් ලැබුනහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ අවස්ථාව ඇති බවයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් පරිප්පු සීනි අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බවත් හැකි ඉක්මනින් ඩොලර් නිදහස් කළහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් එම ප්‍රධාන ආනයන කරුවන් දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්...! චීනෙට දොළපිදේනි දුන්නු එකේ ඕක දුන්නේ නැතිනම් විනාසයිනේ..!!!
ඩොලර් මිලියන 25ක්වත් අපේ රටේ නැද්ද? ඒ තරමට අපේ රට හිඟන රටක් වෙලාද? යකෝ මේක ශාරුක් ඛාන්, සල්මාන් ඛාන්ගෙන් ඉල්ලුවත් දෙයි නේද? අර පොලොන්නරුවේ අමරබන්දු රූපසිංහ කකුලෙන් අදින්නේ නැතුව හිටියොත් අදටත් ජනාධිපති, මෙච්චර ප්‍රපාතයකට රට වැටෙන්නෙත් නැහැ. කවුරු මොනවා කිව්වත් යූඑන්පී ආණ්ඩුවක් තිබුණු කවදත් රටේ හැමෝගේම අතේ සල්ලි තිබුණා, ව්‍යාපාර කෙරුණා, පෝලිම් යුගයක් කවදත් තිබුණේ නැහැ. කිසිම අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හිඟවුනේ නැහැ...
හොදට තිබිච්ච රටක්...අපි වැටිච්ච තැනක්....
සංචිතයෙන් අරන් ඩොලර් දෙන එකට වැඩ්ඩෙක් අවශ්‍ය නැහැ. ඩොලර් සංචිතය වැඩිකරන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. දැන් පරක්කූ වැඩියි. විමල් කිතුල් රා අපනයනය කරන්න යනව ඩොලර් හොයන්න. දැනුයි තේරිලා තියෙන්නෙ හොර රැලට.