(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විහාර හල්මිල්ලකුලමේ අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවකු සමග එක්වී පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරත වු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද (03) සමත් වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු විහාර හල්මිල්ලකුලමේ පදිංචි ජාවාරම්කරු 29 වන වියේ පසුවන අතර අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු 23 හැවිරිදි අයෙකි.
අත් අඩංගුවට පත්වනවිට අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 310 ක් ද හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ ග්‍රැම් 04 මිලි ග්‍රෑම් 490 ක ප්‍රමාණයක් ද ඔවුන් සන්තකයේ තිබු බව පොලීසිය කියයි.
මීට මාසයකට පමණ පෙර විහාර හල්මිල්ලකුලමේ පදිංචි සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුට තම නිවසේ නවාතැන් සපයා හල්මිල්ලකුලම නිවස විද්‍යුත් ක්‍රමයට හෙරොයින් බෙදාහරින මධ්‍යස්ථානය බවට පත්කරගෙන මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන ගොස් තිබේ.
නිතර නිතර මත්ලෝලීන් මෙම නිවසට යාම ඒම නිසා මොවුන් දෙදෙනා විසින් පොතානේගම යුද හමුදා කඳවුර ඉදිරිපිට නිවසක් කුලී පදනම මත ලබාගෙන විද්‍ය්‍යුයු ක්‍රමයට තිසාවැව , පොතානේගම , විහාර හල්මිල්ලකුලම ආදී ප්‍රදේශවල හෙරොයින් අළෙවියේ නිරතව සිට ඇති බවට සාක්කි ලැබී ඇතැයි පොලිසීය කියයි.
හෙරොයින් බෙදාහැරීම සඳහා මොවුන් යෝගට් කෝප්ප හා සිසිල්බීම බෝතල් මූඩි භාවිතා කර තිබූ බව පොලීසිය පවසයි. ජාවාරම මෙසේ සිදුකරගෙන යන අතරතුර ප්‍රදේශවාසීන්ට මොවුන් දෙදෙනා පිළිබඳව ඇතිවූ සැකය නිසා පොතානේගම කුලී නිවස අතහැර නැවත විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට