(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ රටකට පලාගොස් සැඟව සිටින බඩෝවිට අසංක නමැත්තාගේ  මත්ද්‍රව්‍ය ජාලයට අයත් හෙරොයින් සමග අඹුසැමි යුවළක්  අද (18) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල බඩෝවිට අදියර 5  ප්‍රදේශයේ පදිංචි (25 සහ 26) වයසේ පසුවන අඹුසැමි යුවළක් බව පොලිසියය කියයි.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අඹුසැමි යුවළක් පිළිබඳව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව නිලධාරි කණ්ඩායමක් දෙහිවල පෞද්ගලික බැංකුවක් අසල දී සැකකාර යුවළ  අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 510 තිබී භාරයට ගත් බව පැවසේ.

පසුව සැකකාර යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටකට පලා ගොස් සඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසංක නමැත්තාට අයත් ඒවා බවට තොරතුරු අනාවරණය වූ බවත් සැකකාර යුවළ දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවසක් රුපියල් 90.000 කුලියට ගෙන එම නිවසේ රැඳී සිටිමින් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.