(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් සුඛෝපභෝගී මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි .
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සැකකරු තලවතුගොඩ කිඹුලාවල හන්දිය ආසන්නයේ දී මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි.
එහිදී සැකකරු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ඈෂ් නමැති මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවිය.
පසුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරු මනුෂ්‍ය ඝාතන , කොල්ලකෑම් , මත්ද්‍රව්‍ය ජාවාරම් , ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට දැනට ඇප ලබා සිටින පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ඇරැව්වල රත්න මාවතේ පදිංචි සේනාධීරගේ කොටා දයා නැමැති (55) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර කුඩු තිප්පොළක් වෙලා ඉවරයි. හැම ගමකම කුඩු විකුණන ඒජන්තයෙක් ඉන්නවා. පොලිසියට බලන්න පිරිස් බලය නැහැ, සමහරක් සල්ලි බලේට මොනවත් කරන්නේ නැහැ. මෙහෙම ගියොත් ලංකාව පිලිපීනෙ වගේ කුඩු වලට ඇබ්බැහිවුවන්ගෙන් පිරෙන කාලය ඈතක නැහැ.