මනෝප්‍රිය ගුණසේකර
කොළඹ මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්ත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට කුඩු ජාවාරම්කරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ මරදාන ශ‍්‍රී ප‍්‍රියදර්ශනාරාම පාර ප‍්‍රදේශයේ පදිංචි 45 හැවරිදි සරණපාල මාදින්නගේ සුනිල් නමැත්තාටය.
2013 ජනවාරී මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මරදාන ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 18.94 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කිලෝ ගණන් තිබ්බ අයට?
නඩුකාරතුමා මරණීය දඬුවම් දෙන්නේ පොඩි කුඩු වෙළෙන්දන්ට.
පොඩි මිහිහාට කොතනත් නිතිය නියමෙටම ක්රියාත්මක වේ. කුඩු කිලෝ 237ක් ගෙනා කුඩු මුදලාලි තවම නිදැල්ලේ
මරණ දණ්ඩනය නියම වී එල්ලා මැරූ අයගේ මෘත ශරීර රටේ හැමතැනම. අඩියක් ගහන්න තැනක් නෑ.