
(සුජිත් හේවාජුලිගේ)
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව ඇතුළේ එවැනි අර්බුදයක් නැතැයිද ඔහු සඳහන් කළේය.
අගමැති ධූරය ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන බවට උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව පැවසූ මහින්ද ජයසිංහ මහතා ගම්මන්පිල ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක වුණේ කවදාදැයි තමා නොදන්නා බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩකට නැති පාලනය තුළ හරිනි හෝ ලාල් අගමැති වුණත් අපිට කමක් නැහැ. බොහෝ ප්‍රධාන තනතුරු දරන්නේ මේ රටට කිසිම යහපතක් කරන්න බැරි දැඩි මතධාරී වැඩකට නැති ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්. රට රනිල් පාලනයෙන් ඔබ්බට ගමන් කර හෝ අඟලක්වත් ගොස් තිබුණේ නැහැ. ජීවන වියදම ඉහළයි, වැරදි කළමනාකරණය, මිනීමැරුම්, ඥාති සංග්‍රහය, ඉහළ මට්ටමකට. මේ මෝඩයන්ට බොරු කියන්නේ කොහොමද කියලා පුහුණුවක් විතරයි ලැබුණේ. මුළු ආණ්ඩුවම මෝඩයන්ගෙන් සහ වැඩකට නැති රූකඩවලින් පිරී තිබෙනවා.
ඔය වසන්ත සමරසින්හ නාටකයක්. එයාවයි, මහින්ද ජයසින්හයි, රන්ජන් ජයලාල්වයි අර හොර ලියවිලි හදලා ගොඩනැගිල්ලක් බදු දීපු වන්චාවට අහුවෙලා ඉන්න එකේ ඒකෙන් අනික් අයගෙ අවධානය වෙන අතකට ගන්න හරිනිගේ ඇද හොයනවා වගේ.
හීන දැක්කට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කඩන්න බෙදන්න හෝ වට්ටන්න බැහැ. ඒ සඳහා මහන්සි වෙන දේශපාලන අනාථයන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට කියන්න තියෙන්නේ කරුණාකරලා කරන්න පුළුවන් දෙයක් ගැන කල්පනා කරපල්ලා කියලා තමයි.
රටම විකුණලා ජනතාව බඩගින්නේ කියල විනාශ බංකොලොත් කරපු හොරුන්ට කඩේ යන එක දැන්වත් නවත්තලා දැනට සාර්ථකව රට ගොඩ දාගෙන යන අයට සහයක් දෙමු.