(සුමතිපාල දීයගහගේ)
නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් මීගමුවේ සිට නවසීලන්තය බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් 30 දෙනා අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සහ නීත්‍යනුකූල ලෙස ගුවන් හමුදාවෙන් ඉවත්වූ සෙබළුන් දෙදෙනෙකු ද සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුගිය 2 වැනි දා මීගමුව ධීවර වරායේ සිට 'සිතිවිල්ල 2' නැමැති බහුදින යාත්‍රාවෙන් නීති විරෝධී ලෙස නවසීලන්තය බලා යමින් සිටින විට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 80 ක් දුරදී මෙම පිරිස සමග බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන ඒමෙන් පසු මේවන විට ගාල්ල වරාය මෙම පිරිසගෙන් ප්‍රශ්න කරමින් සිටියි.
අත්අඩංගුවට ගත් 30 දෙනා අතර සිංහල ජාතිකයින් 28 දෙනෙක් ද දමිළ ජාතිකයින් දෙදෙනෙකු ද සිටින බවත් මොවුහු ගාල්ල, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, මහනුවර, රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ගාල්ලෙන් මෙම නීතිවිරෝධී ගමනට එක්වූ පිරිස දොඩන්දුවේ සිට වල්ලමකින් ගොස් බහුදින යාත්‍රාවට ගොඩ වී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකරුවන් අද (8) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තෙට ලංකාවේ ඉඳන් බෝට්ටුවලින් යන්න පුළුවන් කියලා හිතන්නේ අඩුගානේ ලෝක සිතියමක්වත් මේ බුද්ධිමත් මිනිස්සු බලලා නැද්ද????
ගමනටම ඔබින නම තමයි බෝට්ටුවට යොදා ගෙන තිබෙන්නේ. ඔය විදියට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් යන්න පටන් ගත්තොත් නවත්තන්න නම් එපා. යන්න පුළුවන් ආධාරයක් දෙන්න.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගැන කියන්න දෙයක් නැහැ.. හිතෙන හිතෙන මගඩිවලින් ලක්ෂ ගණන් කාසි පනම් හොයන්න බැරියැ. ඔය මන්ත්‍රීකම තියාගෙන නෑ... නෑ.. රස්සාවක් හොයාගෙන යන ගමනක් වෙන්න බැහැ…