(නිමන්ති රණසිංහ)
ලීබඩු ආනයනය කරන මුවාවෙන් රුපියල් දස කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශීය සිගරට් ලක්ෂ 420ක් මෙරටට ගෙන්වා දුම්කොළ බදු පනත ප්‍රකාරව වරදක් සිදුකර අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයන් දෙදෙනකුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (14) නියම කළාය.
සිරදඩුවමට අමතරව චෝදනා දෙකක් සඳහා චූදිතයන් දෙදෙනාට රුපියල් 50,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරිය එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක අමතර සිර දඩුවමක් ද නියම කළාය.
පළමු චෝදනාව සදහා වසර තුනක බරපතල සිර දඩුවම් මෙන්ම දෙවැනි චෝදනාව සදහා වසරක බරපතල සිරදඩුවම් වශයෙන් වසර හතරක් චූදිතයන් දෙදෙනාට නියම කළ අධිකරණය, එක් අයකුට දඩය වශයනේ නියම කළේ රුපියල් 25,000ක මුදලකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී ඩී. ඒ. එම්. ආර්. සාගර රණසිංහ මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd