(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 22 හැවිරිදි වියේ පසුවන හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
ඔහු ඊයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සදහා විගමන අංශය වෙත පැමිණ , එතැන රාජකාරියේ නියුතුව සිටි ආගමන විගමන නිලධාරීවරයා වෙත , ඊට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .
එහිදී එම ලියකියවිලි අතර තිබූ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය පරීක්ෂා කළ එම නිලධාරීවරයාට ඒ පිළිබඳව මතු වූ සැකය මත , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සදහා , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හොරෙන් ඉතාලි යන්න ගිය තරුණයා අත්අඩංගුවට
Manoj Monday, 14 February 2022 10:53 AM
වැඩේ වැරදියි. නමුත් ලංකාවේ නීතියෙන් යන්න පුළුවන් අයට වීසා දෙන්නෙත් නෑ.