
(ඩයනා උදයංගනී)
“හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම, ප්‍රමිතියට අනුකූලව ඝන හා දියර කාබනික පොහොර නිෂ්පාදනය සදහා දිරිගැන්වීම, ගොවීන්ට නිසි වේලාවට නොමිලේ පොහොර ලබාදීම, දිස්ත්‍රික්ක මට්ටමින් පොහොර අවශ්‍යතාව සපිරීම, වී, බඩ ඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු, පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම, හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම, කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය, ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම, කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය ඇතුළු කාර්යයන් සඳහා මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රමුඛතාවය දිය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ අර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙක සමග අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම ද මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෑම දෙසතියකට වරක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හරිත ආර්ථික මණ්ඩලය සංවිධානය කිරීමට සැලසුම් කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මාධ්‍යස්ථානයට පැවරෙන බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. ඒ පාර හත්පොලේ ගාගත්ත අසූචි වහගන්න තව මගුලක් අටවන්නද හදන්නේ? ෆේල් වෙන එකේත් සීමාවක් නැහැ... ගොන් වැඩවල ඉවරෙකුත් නෑ...
මේ උසස් සහ අත්‍යවශ්‍යම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගත් අත්දැකීම් ද ඇතිව නොසැළී ඉදිරියට යා යුතුයි. අසත්පුරුෂයින් වට කරගෙන පහර දීමට සැරසී සිටී. ඒ සියල්ල පරදවා මේ සංකල්පය ජය ගත යුතුයි. දිනෙක අපගේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන්ම ඉහළ ඉල්ලීමක් ලැබෙනු ඇත.