
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, මංගල එදිරිසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)
හොරණ-කොළඹ ඇතුළු හොරණ නගරයෙන් ආරම්භ කෙරෙන මාර්ග විසිපහක බස් ධාවනය අද (25) උදෑසන ධාවනයෙන් වැළකුණු බව ඉංගිරි හොරණ පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති එච් ඩි බි කුමාර මහතා පැවසීය .
මතුගම මෝල්කාව හරහා කොළඹ දක්වා අලුතින් පෞද්ගලික බස් රථයක් ධාවනයට එක් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත .
හොරණ සිට කොළඹ, ප්‍රධාන බස් මාර්ගයේ මෙන්ම හොරණ කඩවත අධිවේගී මාර්ග හරහා සුඛෝපබෝගී බස් රථ ඇතුළු හොරණින් ආරම්භ කරන බස් මෙසේ ධාවනය නොවන බව හොරණ පෞද්ගලික බස් රථ සංගමය සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය
(ඡායාරූප: මංගල එදිරිසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කුහක කමනෙ. තවත් මනුස්සයෙක් ව්‍යාපාරයට එකතු වුණාම මොකද
දැන් ආණ්ඩු කරන්නේ එක්තරා ව්‍යාපාරිකයෝ සහ සමිති සංගම්. ඒ නිසා නේ හාල්, කිරි පිටි සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලෙන් අයින් කලේ. බලමු ඉතුරු අවුරුදු තුනේ හොඳට කරනවයි කියල. දැනටමත් සති දෙකක් අවසන් ඒ අවුරුදු තුනෙන්. නමුත් තාම ෆේල්.