(වයි.ඒ.එස්.වීරවංශ)
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ඡායාරූප ගත් වෛදවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1500 ක දඩයක් සහ රුපියල් 2000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා නියෝග කළේය.
දෙවනි විත්තිකරුට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කළේය.
වනෝද්‍යාන භාර නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අද (03) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වන සතුන්ට හිංසා වන අයුරින් කටයුතු කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කරුණු මත මොවුන් අත්අඩංගුට ගෙන තිබිණි.
ඔවුන් සතුව තිබු තිබුණු ඩ්‍රෝන කැමරාව, ජංගම දුරකථනය සහ අදාළ සිම්පත රාජසන්තක කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, සහකාර උද්‍යාන භාරකාර පී. පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ වන සත්ත්ව සහකාර පනාලගේ, සහකාර අඩවි ආරක්ෂක ඉන්දික ආරියදාස, සුපුන් පේ‍්‍රමරත්න යන මහත්වරුන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ සිවිල් නීතිය අනුව එය වරදකි.
වැඩේ කරන්න කලින් නිතිය දැනුවත් කරා නම් හොදයි,බෝඩ් ලෑල්ලක් වත් තිබ්බ නම් හොදයි, ඩ්‍රෝන කැමරා සමහර වෙලාවට මහා කරදරයක්, මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතේටත් එබිකම් කරනවා, ආරක්ෂාවටත් තර්ජනයක්,
එකෙක් විල්පත්තුවම කැපුවා මොන නඩුවක් වත් නැහැ .දොස්තර මහත්තයට දඩගහල. ඔය ඩ්‍රෝන කැමරාවෙන් වීඩියෝ කරලා යු ටියුම් ෆේස් බුක් දැම්මනම් සුද්දෝ එනවා ඒවා දැකල . අපේ ටුවරිසම් ප්‍රොමෝට් කරන්නේ බුකියේ කොල්ලෝ කෙල්ලෝ සහ යු ටියුබ් එකට වීඩියෝ දාන සුද්දෝ .ආණ්ඩුව කරන ප්‍රමෝෂන් එකක් නැහැ .
මේක යකාගේ නිතියක්නේ. එහෙම දඬුවම් කරන්න බෑ මිනිස්සු දැනුවත් නොකර... ස්වභාව සෞන්දර්යය විඳින්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා වගේම ඒවා ඡායාරූප ගන්නත් අයිතියක් තියෙනවා. සත්තුන්ට හිරිහැර නොවෙන්න ඒවා ඡයාරුප ගත කිරීම ලෝකයේ පිළිගත් සහ අපට ප්‍රසිද්ධිය ලැබෙන දෙයක්... සියලු තැන්වල නිදහසේ සැරිසරන්නත් මහජනයාට අයිතියක් තියෙනවා. යම්කිසි වනජීවී පනතක සඳහන් වෙනවා නම් එසේ ඩ්‍රෝන භාවිතා කිරීම තහනම් කියලා... ඒ සඳහා විද්‍යාත්මක හේතු ඔවුන් දෙන්නත්, එසේ කල හැක්කේ නම් ඒ කුමන වේලාවකද, කුමන වර්ගයේ ඩ්‍රෝන මගින්, කුමන අවසරයක් යටතේද යන්න මහජනයා දැනුවත් කළයුතු වෙනවා. ලෝකාන්තයෙන් මිනිසුන් දිගින් දිගටම වැටෙන එක වළක්වාගන්න බැරි, සංචාරකයන්ට නිසි ආරක්ෂාව සහ පහසුකම් ලබා නොදී මුදල් පමණක් අය කරන මෙවන් වනජීවී දෙපාර්තමේන්තුවක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ. ඒ නිසා ලෝකයෙන් යමක් අලුතින් ඉගෙනගෙන වැඩ කළා නම් තමයි හොඳ... ආචාර්ය සරත් කොටගමගේ කාලේ කරන ලද වැඩ අදටත් අගය කරන මිනිස්සු ඉන්නවා. එ්ත් මේ වගේ අවිචාරීව වැඩ කරන්න එපා...
ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ස්වභාවික සුන්දරත්වයේ පින්තුර ගැනීම හෝ වීඩියෝ කිරීම ශ්‍රී ලංකාවේ දැන් තහනම්ද? මා වරක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරන අතර සෙලින්කෝ මන්දිරය ඉදිරිපිට තිබෙන රාජසිංහ රජු සිරකර තැබුවා කියන කුටිය වීඩියෝ කරමින් සිටින අතර එහි පැමිණි සෙකුරිටි කියාගන්නා කෙනෙක් මට එය නැවත්වීමට "අණ" කරා. විදේශිකයෙක් එය කරා නම් ඔහුටත් එම අණ දීමට ඔහු එනවාද? සමහරවිට මගෙන් කීයක් හරි කඩාගන්න බැලුවාද කියා මට සැක පහල උණා.
මේවා දැක්කහම ලංකාවේ ඉපදුනේ පවකට කියලයි හිතෙන්නේ !
හිතාගන්නවත් බෑ. පුදුම නීතියක්නේ. එතකොට මේ රට අයිති කාටද?
එහෙම නම් ප්‍රධාන දොරටුවේ කැකිල්ලේ නීති රීති සඳහන් පුවරුවක් සවි කළ යුතුයි. ජාතික මෙහෙවරක් මෙම පුවත්තීරුවේ මෑතකදී පලවෙලා කරලා මේ රටේ මිනිසුන්ගේ ගොත්‍රික මට්ටමට ආසන්නව කියලා, එ්ක නම් සහතික ඇත්ත... විදේශිකයෙකුගෙන් ඇහුවොත් කියන්නේ අපිරිසිදුකම ගැනමයි. බලන බලන තැන්වල කුණු. කනවා බොනවා විසිකරනවා. රේල් පාර දෙපැත්ත අපායක්...
මේ ගොල්ලෝ අමුතු බලයක් අාරූඪ කරගෙන ඉන්නේ. හෝර්ටන්තැන්න මැද්දෙන් යන B512 ඔහිය පාර වහගෙන ඉන්නේ. මේක RDA එකේ B වර්ගයේ පාරක්. නමුත් අඹේවෙල ඉඳන් ඔහියට යන්න වටෙන් මහදුරක් යන්න ඕනේ... වෙන රටවල්වල ජාතික වනෝද්‍යාන තුළ පාරවල් ඇරලා...