
(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමන පින්නදුව වැවේ යායේ කඹුරකින් හොරට වි අස්වනු නෙලමින් සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත්බැව් අක්මිමන පොලිසිය පවසයි.
අඹුසැමි යුවළ මෙම කුඹුරට අනවසරයෙන් ඇතුල් වි හොරට වී අස්වනු නෙලමින් සිටි ඇත.
එම අවස්ථාවේ කුඹුරු හිමියා විසින් මේ පිළිබද අක්මිමන පොලිසියට පැමිණිලි කර ඇති අතර , හොරට කපාගෙන තිබු ගොයම් බෑග් දෙකක් සමග සැකකාර අඹු සැමි යුවළ අක්මිමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ඉදිරි දිනකදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලා තියෙන්නේ වැරදි දෙයක් වුණත්, ඒ අයට ඇති අසරණ භාවය සොයා බලා යම් දෙයක් කරන්න තිබුණා...!
මෙම කන්නයේ ගොවිතැන් කළ අයෙක් ලෙසට නම් කියන්න තියෙන්නේ දැඩි දඬුවමක් දියයුතුයි කියලා. නමුත් අතීතයේ කිසිම කෙනෙක් වී කියන්නේ බුද්ධ භෝගයක් කියලා වී හොරකම් කළේ නැහැ. විනාශ කළේ නැහැ. ඇත්තටම මේ දෙන්නා එම චාරිත්‍ර නොදන්නා අය වෙන්න පුළුවන්.. ඇත්තටම මොවුන් මෙය කළේ බඩගින්න ඉවසීමට නොහැකිව නම් රටේ දරිද්‍රතාව වෙනුවෙන් පියවරක් නොපමාව ගතයුතුයි.
අනේ අහිංසක මිනිස්සු අසරණවෙලා තියෙන තරම...
බඩගින්න නිසයි හොරකමින් දරුවන්ට කන්න දෙන්නේ...!
පාන් ගෙඩියක් හොරකම් කරලා අවුරුදු 18ක් හිරේ ගිය 'la misarable' කතා නායකයා මතක් වුණා. වී හොරකම් කරේ නයිට් ක්ලබ් යන්න වෙන්න නම් බෑ...