(නිමන්ති රණසිංහ)

විදේශ ගතවීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තා වලට සමාන ලෙස ව්‍යාජව සකස් කරන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) රාත්‍රී  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරට ප්‍රධාන පෙළේ රෝහලක පී. සී. ආර්. වාර්තාවල ඇති QR කේතය සූක්ෂම අයුරින් භාවිතා කර මෙම සැකකරුවන් පී. සී. ආර්. වාර්තා විශාල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර, එක් පී. සී. ආර්. වාර්තාවක් සඳහා රුපියල් 6000 ක මුදලක් අය කරගෙන ඇතැයි ද ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මීගමුව දර්ගා නගරයේ පදිංචි මෙම සැකකරුවන් අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද රහස් පොලිසිය සඳහන් කරයි .