
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බූස්සට රැගෙන ගිය හිරකරුවකු මිය ගොස් ඇති බවත් අනෙකුත් බන්ධනාගාරවල හිරකරුවන්ට වෙන දේ නොදන්නා හෙයින් මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව කුමක්ද. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරයට ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමට නියෝගය ලබා දුන්නේ කවුද. එම නියෝග නිසි කලට ලබා දුන්නේද. මේ ගැන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට රජය අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්ද.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපත්ති නායකයා විහිලු සපයන්නෙක් වෙලා? යහපාලන ආණ්ඩුව කාලේ බලයේ ඉන්න කොට කරපු දෙයක් නැහැ...