(තුසිත කුමාර ද සිල්වා)
මරදාන සිට මාතර බලා ගමන්ගත් රුහුණු කුමාරි දුම්රියට බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී එළ හරකෙක් ගැටීමෙන් එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි අලුත්ගම දුම්රිය ස්ථානාධිපති පවසයි.
ඒ හේතුවෙන් පැය එකහමාරක් පමණ කාලයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට අලුත්ගම ගාල්ල මාතර බෙලිඅත්ත දක්වා ගමන්ගත් සියලුම දුම්රියයන් ප්‍රමාදවී ප්‍රමාදවී ඇත.
කැඩුණු දුම්රියට වෙනත් දුම්රිය එන්ජිමක් සවි කර රුහුණු කුමාරි දුම්රියට සවිකර ධාවනය කිරීමට කටයුතු කර තිබේ.
ගාල්ලේ සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රියද මාර්ග අවහිරතා හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තැබීමට තිබු බව අලුත්ගම දුම්රිය ස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකාව නිදැල්ලේ පාරට එවපු ගොනාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි
ඔය දුම්රිය එළවන අයට අලියෙක් රේල්පාරේ උන්නත් පේන්නේ නැහැ...