(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු වාර කීපයක් විදේශගත වී ඇති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කරණවෑමියෙකි .
එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටි මොහු ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් , මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට සනාථ වීමත් සමගම ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කර තිබේ .
එහිදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 45 ක් තැරැව්කරුවෙකු වෙත ලබා දී සකස් කර ගත් බව අනාවරණය වී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ රටේ ජීවත් වෙන්න දෙන් නැහැ ,නිලධාරී හැතිකරේ රටෙන් යන්න දෙන් නැහැ .කරුමේ තමා
අපරාදේ ,මිනිහට තිබ්බ චාන්ස් එක
ඇයි බන් එක එකාට ලක්ෂ ගණන් දීල රැවටෙන්නේ
අනේ හොරෙන් Canada වට එන එවුන් බෙල්ලෙන් අල්ලලා නවත්වාගන්න.
හම්මෝ ඇති යාන්තන්, ඒකත් අල්ල ගත්‍තා, එච්චරයි ඉතුරු වෙලා තිබ්බෙ, රටේ හොරාකාපුවා, කොමිස් ගහපුවා, ඔක්කෝම අල්ලලා රටේ හැම මනුස්සයෙක්ටම නිදහසේ ඉන්න හදලනේ තියෙන්නේ. නියමයි ඉතින්. ඕවාට කොහෙන්ද බන් හිනාවෙන්නෝන...!