IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර වීසාවලින් රට යන්න හැදූ කරණවෑමියා කොටු

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු වාර කීපයක් විදේශගත වී ඇති  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කරණවෑමියෙකි .

එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටි මොහු ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් , මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට සනාථ වීමත් සමගම ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කර තිබේ .

එහිදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 45 ක් තැරැව්කරුවෙකු වෙත ලබා දී සකස් කර ගත් බව අනාවරණය වී තිබේ .

 

 



අදහස් (5)

හොර වීසාවලින් රට යන්න හැදූ කරණවෑමියා කොටු

hodatama karapu thuma Thursday, 24 August 2023 01:07 PM

දේශපාලකයෝ රටේ ජීවත් වෙන්න දෙන් නැහැ ,නිලධාරී හැතිකරේ රටෙන් යන්න දෙන් නැහැ .කරුමේ තමා

:       5       22

Nimal Thursday, 24 August 2023 01:32 PM

අපරාදේ ,මිනිහට තිබ්බ චාන්ස් එක

:       2       4

Ee Thursday, 24 August 2023 02:10 PM

ඇයි බන් එක එකාට ලක්ෂ ගණන් දීල රැවටෙන්නේ

:       0       5

Bamunuarachchi Friday, 25 August 2023 05:39 AM

අනේ හොරෙන් Canada වට එන එවුන් බෙල්ලෙන් අල්ලලා නවත්වාගන්න.

:       0       1

Kushan Sameera Friday, 25 August 2023 07:25 PM

හම්මෝ ඇති යාන්තන්, ඒකත් අල්ල ගත්‍තා, එච්චරයි ඉතුරු වෙලා තිබ්බෙ, රටේ හොරාකාපුවා, කොමිස් ගහපුවා, ඔක්කෝම අල්ලලා රටේ හැම මනුස්සයෙක්ටම නිදහසේ ඉන්න හදලනේ තියෙන්නේ. නියමයි ඉතින්. ඕවාට කොහෙන්ද බන් හිනාවෙන්නෝන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site