(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.
ඔහු ඩ්‍රෝන යානා නිතර ගුවන්ගත කරමින් විවිධ ඡායාරූප ගන්නා බවත්, මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවක දී පොලීසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 18 වැනිදා කළ විමර්ශනයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කිරීම සඳහා ලබා ගත් බව කියන අවසර පත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ලියවිලි හදා ඩ්‍රෝනාවක් යවලා