(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යජ මද්‍යසාර ස්ටිකර් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත තරාතිරම නොබලා දඩුවම් කිරීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා මේ බව පැවැසීය.
2016 අයවැය යෝජනාවක් අනුව මෙම ස්ටිකර් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ දී සුරාබදු ආදායම ඊට පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19කින් ඉහළ ගිය බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මධ්‍යසාර නිෂ්පාදනය ද 11%ක වර්ධනයක් අත් කර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර යැයි කියාගන්නා තැන ඇතුලේ ඉන්න කට්ටියගෙන්ම අල්ලාගත හැකිවේවි හොර ස්ටිකර් අලවන කට්ටිය.
ඕක ආපු දවස් වලම මම දැනගත්තා ඔය ස්ටිකර් එක හොරට ගහන බව.
උපරිම නම් දෙන්න එපා